යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ 45 හැවිරිදි මව ද වන බව එම වාර්තා වල දැක්වෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 65 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
(colombotimes.lk)