02 February 2026

logo

ආගමික උත්සවයක් අතරතුර වෙඩි තැබීමක්



ඉන්දියවේ නව දිල්ලි නුවර ආගමික පෙරහැරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. 

පිරිස ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සහ මෝටර් රථවලට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්. 
 
පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර අහසට වෙඩි තබා තිබෙනවා. 
 
ප්‍රදේශයේ අන්තර්ජාල සේවා ද අත්හිටුවා ඇති අතර විශාල වශයෙන් සිදු කරන රැස්වීම් ද තහනම් කරමින් තහනම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)