කැනඩාවේ වාර්තාගත දරුණුතම ලැව්ගිනි සමඟ සටන් කරමින් සිටියදී තුන්වන ගිනි නිවන භටයෙකු මිය ගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ බටහිර පළාතේ ශාන්ත ජෝන් කොටුව අසල ඩොනී ක්‍රීක් ගින්න මැඩපැවැත්වීමට යාමේදී ඔහු මිය ගිය බව බලධාරීන් පවසනවා.
ලැව්ගිනි පාලනය කරගත නොහැකිව පැතිර යන බැවින්, එක්සත් ජනපද දේශසීමාව ආසන්නයේ තවත් ප්‍රදේශයක ජනතාව ඉවත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ දක්වා කැනේඩියානු ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 30ක් පමණ විනාශ වී ඇති බව සඳහන්.
එමෙන්ම කැනඩාවේ දැනට ක්‍රියාත්මක වන ලැව්ගිනි 990න් 613ක්ම පාලනය කළ නොහැකි යැයි සැළකෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)