02 February 2026

logo

ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීම ගැන අධිකරණයෙන් ප්‍රශ්න කරයි



කාන්තාවන් දෙදෙනෙකු නිරුවතින් පාරේ රැගෙන යාම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුණා.

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු පසුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ ප්‍රශ්න කිරීමක් මනිපූර් බලධාරීන්ගෙන් සිදුකර තිබෙනවා.

ඒ, එම සිදුවීමට අදාළ FIR හෙවත් පළමු තොරතුරු වාර්තාව ලබාදීමට දින 14ක් ගතවීම සම්බන්ධයෙන්. 

එමෙන්ම මෙම සිදුවීම පසුගිය මැයි 4 වෙනිදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලීසිය තම රාජකාරිය පැහැර හරින බව සහ අධික කාලයක් ගැනීම පිළිබඳව ද ප්‍රශ්න කෙරුණා.
(colombotimes.lk)