09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

මෙරට තුළ සේලයින් තිබෙන්නේ තවත් මාසයකට පමණක් බව රාජිත කියයි



අත්‍යාවශ්‍ය ඖෂධ 636න් ඖෂධ 185 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නොමැති බව සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. 

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින්. 
 
සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. 
 
සාමාන්‍යයෙන් සේලයින් මාස තුනක තොගයක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)