පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 ලෙස දින නියම කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.
මේ අතර, නිල ඡන්ද දැන්වීම් කාඩ්පත් තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කළා.
(colombotimes.lk)