01 December 2022
සිංහල | English

‘අයියෝ සාමි’ ඉන්දියාව ආක්‍රමණය කරන ලකුණු



ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කර තිබෙනවා. 

ඒ එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම ආදරයෙන් වැළඳගැනීම හේතුවෙන්. 
 
මෙම ගීතය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන ගීතයක් බවට පත්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 
 
මෙම ගීතයේ සංගීත නිර්මාණය සනුක වික්‍රමසිංහගේ වන අතර පදරචනය කර ඇත්තේ පොතුවිල් අස්මින් විසින්. 
 
මේ ගීතය මේ වනවිට YouTube හි මිලියන 05 නැතහොත් ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබෙනවා.
(colombotimes.lk)