27 September 2022
සිංහල | English

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනයට අවදානය



වසර 35 ක් සංශෝධනය කර නොමැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කිරීමට අවදානය යොමුව තිබෙනවා.

බලතල බෙදීම අනුව මහා සභාවේ තුනෙන් දෙකක බලයක් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කියා සිටියේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විසින් කීප වරක්ම ශ්‍රී ලංකා පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට දැනුම් දී තිබුණත් එසේ සංශෝධනයක් සිදු කර නොමැති බවයි අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.


මේ හේතුවෙන් පවතින ව්‍යවස්ථාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිර්දේශ අනුව ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සංශෝදනය කිරීම සඳහා කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කළේ.

මේ සම්බන්දයෙන් පා පන්දු සම්මේලනය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)