27 September 2022
සිංහල | English

අද සිට විදුලි කප්පාදු කාලය දීර්ඝ කෙරේ - කාලසටහන මෙන්න



දෛනික විදුලි කප්පාදුව පැය 02 විනාඩි 20 දක්වා දීර්ඝ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙනවා. 

 
ඒ අනුව සැප්තැම්බර් 23 සිකුරාදා සිට සැප්තැම්බර් 25 ඉරිදා දක්වා දීර්ඝ කරන ලද විදුලි කප්පාදුව බලාත්මක කරන බවයි PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ. 
 
එමගින් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කණ්ඩායම්වලට දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේ පැය 1 යි විනාඩි 20 ක් ලෙස විදුලිය විසන්ධි වනු ඇති. 
 
පැරණි ලක්ෂපාන පළමු අදියර නොමැතිකම, වෙස්ට්කෝස්ට්හි ඉන්ධන නොමැතිකම සහ විදුලි ඉල්ලුම හදිසියේ වැඩිවීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම විදුලි කප්පාදුව දීර්ඝ කර ඇති බවයි ජනක රත්නායක මහතා පැවසුවේ. 
 
අද දිනයේ විදුලිය විසන්ධි කරන කලසටහන පහත පරිදි වනවා.
(colombotimes.lk)