සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ අද (09) පැවැත්වෙන සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කළා.
ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ඔවුන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවන බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ජනාධිපතිවරයාට පැහැදිළි කරන බවත් හඳුන්නෙත්ති මහතා පැවසුවා.
(colombotimes.lk)