දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 235ක් හිමිකරගනිමින්.
ඒ අනුව වනිඳු හිමිකරගෙන ඇති ස්ථානය වන්නේ 08වන ස්ථානයයි.
එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.
එසේම ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයේ පසුවනවා.
එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන සිටින්නේ Shakib Al Hasan.
(colombotimes.lk)