29 November 2022
සිංහල | English

සර්පයින්ට යළි පාද ලැබෙයි (VIDEO)



පුරාණ සර්පයන්ට ලිස්සා යාමට තරම් පරිණාමය වීමට වසර මිලියන 100 කට පෙර ඔවුන්ට අත් සහ පාද තිබූ බව බොහෝ මුලාශ්‍ර වල සඳහන් වනවා. 

 
එමෙන්ම සර්පයන්ගේ පාද පිළිබඳව 2019 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකින්ද එය තහවුරු වී තිබෙනවා. 
 
ආජන්ටිනාවේ දී සොයා ගන්නා ලද Najesh සර්පයන්ගේ දේහය අධ්‍යයනය කිරීමෙන් පසු මෙම මුල් සර්පයන්ගේ රහස් අනාවරණය කර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්. 
 
එම දේහය මීට වසර මිලියන 100 කට පමණ පෙර Cretaceous යුගයේ මුල් භාගයට අයත් වනවා. 
 
නමුත් මෙම පරීක්ෂණ සිදු කිරීමට ඇති පොසිල සීමිත බැවින් සර්පයන් අද පවතින ස්වරූපයට පරිණාමය වූ ආකාරය නිසි ලෙස වටහා ගැනීම අපහසු වී තිබෙනවා. 
 
එමෙන්ම මෙම අධ්‍යයනය සඳහා පරීක්ෂා කරන ලද පොසිල ඉතා වැදගත් වන බව පර්යේෂකයෝ පවසනවා. 
 
නමුත් අද අපි කතා කරන්නේ සර්පයින්ගේ පාද අහිමි වූ ආකාරය නොවේ, ඔවුන්ට නැවත පාද ලැබුණු අපූරු පරීක්ෂණයක් ගැනයි. 
Allen Pan, a Califo ia-based engineer and YouTuber, created the device out of a plastic tube and four robotic legs that were modelled on a lizard.
 
විකේන්ද්රික නව නිපැයුම්කරුවෙකු විසින් සර්පයින්ට 'ඇවිදීමට' ඉඩ සලසන පරිදි අමුතු කකුල් හතරේ රොබෝවක් නිර්මාණය කර තිබෙනවා. ලොස් ඇන්ජලීස් හි ඉංජිනේරුවෙකු සහ YouTube කරුවෙකු වන Allen Pan දිගු නලයකින් සහ පාලක පුවරුවකට සම්බන්ධ ප්ලාස්ටික් කකුල් හතරකින් යොදා ගනිමින් මෙම උපාංගය නිර්මාණය කර තිබෙනවා. 
 
මීට වසර මිලියන 150 කට පමණ පෙර සර්පයන්ට දෘශ්‍යමාන පාද තිබූ නමුත් ඒවා නැති වී පරිණාමය වූයේ ඔවුන්ගේ සිදුවූ ජාන විකෘතියක් නිසා යැයි සැලකෙනවා. 
 
අද පවා, සමහර පිඹුරන්ගේ ශරීරය තුළ කුඩා කකුල් වැනි අස්ථි පිහිටා තිබෙනවා. නමුත් ඒවා ඉතා කුඩා වන අතර 'vestigial' ලෙස පිහිටා ඇති බව සඳහන්.
 
එනම් කලක් ප්‍රයෝජනවත් වූ දෙයක ශේෂයක් ලෙසයි. 
 
ඔහු මෙම පරීක්ෂණය සඳහා ආභාෂය ලබාගෙන ඇත්තේ කකුල් හතරක් සහිත කටුස්සන් විශේෂයක් වන weste three-toed skink (Chalcides striatus) ඇසුරෙන්. 
 
මෙම සත්ත්ව විශේෂය සර්පයෙකුට බෙහෙවින් සමානයි. 
 
රොබෝව සෑදීමෙන් පසු සර්පයෙකු මෙන් සෑදූ ආකෘතියක් උපයෝගී කර ගනිමින් මෙම පරීක්ෂණය අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. 
Pan, who posted a video blog of his project to YouTube, said he wanted to
 
Allen Pan විසින් මෙම පද්ධතිය සාදා නිමකර ඇත්තේ රොබෝ කකුල් හතරකින් වන අතර, ඒ සෑම එකක්ම පාලක පුවරුවකට සම්බන්ධ කර තිබෙනවා. උදාහරණයක් ලෙස මෙය දුම්රිය මාර්ගයක් වටා ස්වයංක්‍රීයව ගමන් කරන ආදර්ශ දුම්රිය කට්ටලවලට සමාන වනවා. 
 
මෙහිදී යතුරුපුවරුවකට සවි කර ඇති කුඩා ටැග් භාවිතයෙන් මෙම රොබෝ කකුල් රැහැන් රහිතව සක්‍රිය කළ හැකි අතර laptop එකක් ආධාරයෙන් වැඩසටහන්ගත කළ හැකියි. 
 
මෙම රොබෝ යන්ත්‍රයේ මධ්‍යම දේහය සෑදී ඇත්තේ දෙපැත්තේ විවරයන් සහිත දිගු ප්ලාස්ටික් නලයකින්. 
 
ඒ අනුව උරගයෙකු ඇවිදින ආකාරය මත, ඒ හා සමාන ආකාරයකින් මෙම රොබෝ යන්ත්‍රය ඇවිදීම වැඩසටහන් ගත කිරීමට හැකි වී තිබෙනවා. 
 
එනම් දෘශ්‍ය දත්ත සමඟ, සර්පයෙකුට කකුල් තිබේ නම් ඇවිදින්නේ කෙසේද යන්න ප්‍රතිනිර්මාණය කිරීම මෙහිදී සිදුකර තිබෙනවා. 
 
පසුව Califo ia, Temeculaහි සර්ප අභිජනනය කරන්නෙකු වන Anthony Zavala විසින් සර්පයෙකු යොදා ගනිමින් මෙම රොබෝ අත්හදා බැලීමට සහය දක්වා තිබෙනවා. 
 
එහිදී Zavala මුලින්ම සර්පයා නලයට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, එය ආපසු හැරවීමට පෙර මුලින් අඟල් කිහිපයක් ඉදිරියට ගොස් ඇති බව සඳහන්. 
 
කෙසේ වෙතත්, නොපසුබස්නා උත්සාහයෙන්, අවසානයේ සර්පයා තමන්ගේ හිස අනෙක් පැත්තට යන තෙක් නළයට ලිස්සා ගිය අතර ඉන් පසු රොබෝවරයා චලනය වීමට පටන් ගෙන තිබුණා. 
 
 
එමෙන්ම මෙහිදී අවට පරිසරය පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට සර්පයා උත්සාහ කරන ආකාරයද දැකගත හැකියි. 
 
ප්ලාස්ටික් බටයේ සෘජු හැඩය නිසා, රොබෝ කකුල් භාවිතා කළ හැක්කේ කෝපාවිෂ්ට නොවූ සර්පයන්ට පමණක් වීම විශේෂත්වයක්. 
 
එයට හේතුව කෝපයට පත්වූ සර්පයින්ගේ සිරුර S අකුරේ හැඩය ගැනීමයි. 
 
ඒ අනුව මෙහි නිර්මාතෘ Allen Pan පවසන්නේ සර්පයින්ට පාද නොමැති වීම පරිණාමීය වැරද්දක් බැවින්, එය නිවැරදි කළ හැකි එකම පුද්ගලයා තමන් වන බවයි. 
 
මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMBO TIMES