09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ දිනයේ තේ බිල ජනපති පෞද්ගලිකව ගෙවයි



පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවා. 

 
මේ අනුව එදින තේ පැන් සංග්‍රහය සඳහා වියදම් වූ රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදලක් බවයි එම බිල්පතේ දැක්වෙන්නේ. 
 
අසීරු කාල පරිච්ඡේදයේ අවම වියදමකින් රජයේ වියදම් තබාගත යුතුය යන ජනාධිපතිවරයාගේ දැක්මට අනුව මෙම පියවර ගත් බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)