25 March 2023
සිංහල | English

ICC Women's T20 World Cup: පළමු පුහුණු තරගයේ ජය ලංකාවට



දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලබා ගැනීමට සමත්වුණා. 

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය අයර්ලන්තය ඕවර 19.5 කදී ලකුණු 147 කට සීමාවුණා. 
 
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 5 ට ලකුණු 149යි. 
 
(හර්ෂිතා සමරවික්‍රම 56, චමරි අතපත්තු 27, විශ්මි ගුණරත්න 36, අනුෂ්කා සංජීවනී නොදැවී 17, ලයුරා ඩිලනි 20/3) 
 
අයර්ලන්ත කාන්තා පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 147යි. 
 
(අර්ලිනි කෙලි 30, ගබි ලුවිස් 38, ලයුරා ඩිලනි 21, ඕෂදී රණසිංහ 22/3, ඉනෝකා රණවීර 26/3)
 
(colombotimes.lk)