28 November 2022
සිංහල | English

රජයෙන් දෙන සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ගැන විශේෂ දැනුම්දීමක්



සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ සඳහා ලබාදී තිබූ කාලය හෙට (30) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුන ද එම කාලය ඔක්තෝබර් මස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළා.

දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජිවනාධාර සහ මහජන ආධාර ලබන සියලු ප්‍රතිලාභීන් නව ලියාපදිංචිය සඳහා ඇතුළත් විය යුතුයි.

එමෙන්ම පොරාත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් ද ලියාපදිංචිය සඳහා ඇතුළත්වීම අනිවාර්ය යි.

මේ සඳහා අයදුම්කරන සියලු පුද්ගලයින් ආදර්ශ අයදුම්පත සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු වනවා.

කෙසේවෙතත් දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශවයකට එය අහිමි විමේ අවධානමක් නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළා.
(colombotimes.lk)