25 March 2023
සිංහල | English

තරුණ සිනමාකරුවන්ට විශේෂ අවස්ථාවක්



75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධානය කර තිබෙනවා. 

 
ඒ, තරුණ සිනමාකරුවන් සඳහා ජාතික වේදිකාවක් සකසා දීමේ අරමුණින්. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “ජාතික තරුණ වේදිකාව” යටතේ මෙම වැඩසටහන සැලසුම් කර ඇති බව සඳහන්. 
 
ඒ අනුව “අපේ අලුත් කතා” යන තේමාව යටතේ ලබන අගෝස්තු මාසයේ දී මෙම “ජාතික තරුණ චිත්‍රපට උළෙල” පැවැත්වීමට නියමිතයි. 
 
මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණු වන්නේ., 
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව සිනමාකරණය වෙත යොමු වීම සඳහා දිරිගැන්වීම. 
පාසල් සිසුන් හට සිනමාකරණය පිළිබඳ කලාත්මක සහ තාක්ෂණික දැනුම බෙදා දීම. 
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට, වඩා ආකර්ශණීය සහ යාවත්කාලීන වූ මුහුණුවරක් ලබා දීම. 
ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් “අපේ අලුත් කතා” සහිත සිනමාවක් දායාද කිරීම. 
(colombotimes.lk)