27 September 2022
සිංහල | English

නිරෝෂා තලගල සහ නන්දා මාලනී අලුත්ම වැඩක (PHOTOS)



මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ විචිත්‍ර චරිත හරහා ඔබ හමුවට එන රංගන ශිල්පිනියක් ලෙස නිරෝෂා තලගලව හඳුන්වන්න පුළුවන්. 

 
රංගන ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක් ලෙසත් නිරෝෂා කටයුතු කරනවා. 
 
නිරෝෂා පසුගියදා ඇගේ Instagram ගිණුමේ ඡායාරූප පෙළක් සමඟ ගීතයක පද පේළියක් පළකර තිබුණා. 
 
ඒ පඳ පේලිය පහතින්... 
 
'සැකයකි මතුවූ දිව්රුම්පලේ, නොකිලිටිකත සැලුනයි සෝකයෙන්, මායාවෙන් නොව මහා සම්මතෙන්, වලකාලනු මැන ඇය අවමානයෙන්, ඉගිලෙන්නම් මං ලකේගලෙන්, ඉගිලෙන්නම් මං, ලකේගලෙන්,' 
 
මෙය ගායනා කරන්නේ ආචාර්‍ය නනදා මාලිනී විසින්. 
 
මෙම ගීතයේ රූප රචනාවකට නිරෝෂා සහ ඇගේ සහායක නර්ථන ශිල්පියා එක් වී තිබෙනවා. 
 
නන්දා මාලිනියගේ ගීතයකට නර්ථනයෙන් සහ රංගනයෙන් දායක වීම ගැන නිරෝෂා සතුටු වෙන බව එහි විශේෂයෙන් සඳහන් කර තිබුණා. 
 
එම සටහන පහතින්...
 
'ඔබ ඇසුරේ , ඔබේ නිර්මාණයක පෙනී සිටීම මා ලද භාග්‍යයකි. නිදුක් නිරෝගී වේවා. දීර්ඝායු වේවා' 
 
ගීතයේ රූපරචනා අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්...
(colombotimes.lk)