29 November 2022
සිංහල | English

පෘථිවිය ළඟටම පැමිණෙන දෙවියන්ගේ සංකේතය



Sātu us යනු පුරාණ රෝමානු ආගමේ දෙවි කෙනෙකු වන අතර රෝම මිත්‍යා කථා වල සිටින ප්‍රධාන චරිතයක් වනවා. 

 
ඔහු කාලය, පරම්පරාව, ධනය, කෘෂිකර්මාන්තය, විමුක්තිය සහ තවත් අංශ කිහිපයක් පාලනය කළ බව බොහෝ දෙනෙකුගේ අදහසයි. 
 
එමෙන්ම Sātu us පාලන සමය 'සාමයේ' ස්වර්ණමය යුගයක් ලෙසද හැඳින්වෙනවා. මෙසේ ස්වර්ණමය පාලනයක් හිමි Sātu usගේ නමින් නම් කර ඇති ග්‍රහලෝකයක් ගැන ඔබ අසා තිබෙනවද ? එය පෘථිවිය වගේ 750 ගුණයක් විශාල ග්‍රහලෝකයක් වන අතර අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න දෙවෙනි විශාලතම ග්‍රහලෝකයයි. 
 
ඒ වගේම තමයි අපායේ හෝ දිව්‍යලෝකයේ යතුර මෙම ග්‍රහලෝකය සතුව පවතින බව ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක්. මෙසේ අපේ ඉරණම තීරණය කරන මෙම ග්‍රහලෝකය නමින් ශනි හෙවත් සෙනසුරු (Satu ) ලෙස හැඳින්වෙනවා. 
Our planet moved almost directly between Satu  and the sun on Sunday, in an annual celestial event known as
අපි යහපත් වූ ධාර්මික ක්‍රියාවල යෙදුණු විට සෙනසුරු අපට දිව්‍යලෝකයේ යතුර ලබා දෙන අතර අධාර්මික ජීවිතයක් ගතකරන අයට අපායේ යතුර ලැබෙන බව සඳහන්. 
 
මෙම ග්‍රහලෝකය සම්බන්ධයෙන් හරි අපූරු දෙයක් පසුගිය දවසක සිද්ධ වුණා. 
 
ඒ තමයි තාරකා ඡායාරූප ශිල්පියෙකු සෙනසුරු ග්‍රහයා පෘථිවියට සමීපයට පැමිණෙන විට එහි පැහැදිලි පින්තූරයක් ගැනීමට සමත් වීම. 
 
එය මෙතෙක් සෙනසුරු ග්‍රහයාගේ ලබා ගත් පැහැදිලිම ඡායාරූපය ලෙස හැඳින්වෙනවා. 
 
එම තාරකා ඡායාරූප ශිල්පියා නමින් ඇන්ඩෘ මැකාති වේ. ඔහු පසුගිය ඉරිදා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වලට ඉහළ අහසේදී මෙසේ සෙනසුරු ඡායාරූපගත කර තිබුණා. 
 
සෙනසුරු ග්‍රහලෝකයේ දර්ශනයක් ලබා ගැනීම සඳහා ඔහු මෝසම් කාලගුණය මඟ හැරෙන තෙක් එම ස්ථානය නිරීක්ෂණය කළ බව සඳහන්. 
Andrew McCarthy dodged the monsoon weather of Arizona in search of clearer skies to catch a glimpse of the ringed planet above Los Angeles, US, on Sunday
 
පසුව ඔහු මහල් කිහිපයකින් යුත් රථගාලක වහලයේ සිට කැමරා දෙකක් භාවිත කර සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප 100,000කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබුණා. 
 
මෙහිදී කැමරා වලට අමතරව 11' දුරේක්ෂයක්ද යොදා ගත් බව ඔහු සඳහන් කළා. මීට අමතරව ඔහු ග්‍රහලෝකයේ හැඩය සහ එහි වළලු ග්‍රහණය කර ගැනීමට අධෝරක්ත ආලෝක පෙරහනක් භාවිතා කර තිබෙනවා. 
 
ඒ අනුව මෙය ඡායාරූප ගත කර ඇත්තේ අලුයම් කාලයේදී වන අතර මිනිත්තු 30ක් පමණ කෙටි කාලයකින් ඡායාරූප 100,000කට අධික ප්‍රමාණයක් ලබා ගැනීම ඔහු සමත්වීම පුදුමයට කරුණක්. 
 
මෙසේ ලබා ගත් ඡායාරූප එකිනෙක සම්බන්ධ කර දර්ශනීය ලෙස සකස් කිරීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. 
 
මෙම දිනයේදී සෙනසුරු පෘථිවියේ සිට සැතපුම් මිලියන 750 ක් (කිලෝමීටර් බිලියන 1.3 ක්) දුරින් සිට ඇති අතර, තත්පරයකට සැතපුම් 6.02 (කිලෝමීටර් 9.69) ක සාමාන්‍ය වේගයකින් ගමන් කර තිබෙනවා. 
 
ඒ අනුව සෙනසුරු නියමිත ස්ථානයට ළඟා වන අවස්ථාවේදී එය 0.3ක තාරකා විශාලත්වයකින් බැබළුණු බවද සඳහන්. 
Andrew (pictured) headed for Los Angeles after clear skies were forecasted, and he used an infrared light filter to capture the shape of Satu  and its rings
 
සෙනසුරු මෙසේ පෘථිවිය ආසන්නයට පැමිණීම සෑම සති 54 කට වරක් සිදු වනවා. එයට හේතුව සෙනසුරුට සූර්යයාගේ තනි කක්ෂයක් සම්පූර්ණ කිරීමට දළ වශයෙන් වසර 29.5 ක් ගත වීමයි. 
 
එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෑම වසරකම අපට සෙනසුරු ග්‍රහයා ඉතා ආසන්නව නැරඹීමට අවස්තාව හිමිවනවා. 
 
නැවත එම දිනය උදා වන්නේ 2023 අගෝස්තු 27 වෙනිදා වන අතර ඉන් පසුව සෙනසුරු පෘථිවියට ලං වන්නේ 2024 සැප්තැම්බර් 08 වෙනිදායි. 
 
සෙනසුරුගේ සමීපතම ඡායාරූපය ලබා ගත් ඇන්ඩෘ ගැනත් ලස්සන කතාවක් තියෙනවා. 
 
ඒ තමයි ඔහු ඉතා කුඩා කාලයේ සිටම මෙම ග්‍රහලෝක වලට, විශ්වයට ආදරේ කරපු කෙනෙක් වීම. 
 
ඔහු ප්‍රථම වතාවට ග්‍රහලෝකයක් සමීපව දැක ඇත්තේ ඔහුට යන්තම් වයස අවුරුදු නවය වන විටයි. ඒ, තම ගෙවත්තේ පිහිටි තම පියාගේ දුරේක්ෂයෙන් එබී බැලූ අවස්ථාවේදීයි. 
 
මෙහි ඇති විශේෂ කාරණය වන්නේ ඔහු එම අවස්ථාවේදී දැක ඇත්තේද සෙනසුරු ග්‍රහයා වීමයි. 
US astrophotographer, Andrew McCarthy, chose 30,000 photos to create a mosaic image that captured the sun in high definition from Florence, Arizona, USA
 
මීට අමතරව ඔහු සිදු කළ තවත් විශේෂ දෙයක් වන්නේ පසුගිය මැයි මාසයේදී සූර්යයාගේ මෙගාපික්සල් 286 ඡායාරූපයක් ලබා ගැනීමයි. 
 
එම පින්තූරයේ සූර්යයාගේ මතුපිට විශාල ගිනි බෝල රවුම් ඇති බව දක්නට ලැබෙනවා. එමෙන්ම මෙම ඡායාරූපය එක් එක් ස්ථර ඡායාරූප 600 කින් සමන්විත බවද සඳහන්. 
 
ඔහු තම දුරේක්ෂය භාවිතයෙන් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ රළු කිරණවලින් අන්ධ නොවීමට වගබලා ගනිමින් වීම තවත් විශේෂත්වයක්. 
 
ඉතින් ඇන්ඩෘ තමන්ගේ හීන පසුපස යමින් කවුරුත් නොහිතන විදිහේ ඡායාරූප ගන්න සමත් වෙලා තියෙනවා වගේම ඔහු මීළඟට ඡායාරූප ලබා ගන්නා ග්‍රහලෝකයේ තොරතුරුත් තව නොබෝ දිනකින් හෙළි කරන බව සඳහන්. 
 
ඔහු එම ඡායාරූපය එළි දැක්වූ සැණින් අප ඔබ වෙත තොරතුරු රැගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. 
 
එතෙක් මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMOB TIMES