09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්



වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘතකර තිබෙනවා. 

ඒ මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේ දින වල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. 
 
එමඟින් තත්පරයට ඝනඅඩි එක්දහස් පන්සියයක පමණ ජල ප්‍රවාහයක් මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැවසුවේ. 
 
මෙම තත්ත්වය මත මැණික් ගඟේ පහළ කොටස ජලයෙන් පිරෙන බැවින් මැණික් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එම දෙපාර්තෙම්න්තුව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)