27 September 2022
සිංහල | English

වසර 31,000කට පෙර සිදුකළ ඇදහිය නොහැකි සැත්කම



නිර්වින්දනය සහ විෂබීජ නාශක සොයා ගැනීමට පෙර අතීත කාලයේ ශල්‍යකර්මයකට භාජනය වීම රෝගීන්ට ඉතාමත් බිහිසුණු හැඟීමක් වුණා.

එයට හේතුව වූයේ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් රෝගාබාධ හා ආසාදන ඇති කරන බවට පුළුල් අවබෝධයක් එකළ වෛද්‍යවරුන්ට නොතිබීමයි.

එමෙන්ම ඔවුන් පිරිසිදුකම ගැන එතරම් සැලකිල්ලක් නොදක්විමද මෙයට එක් හේතුවක් වුණා.

මේ හේතුවෙන් සැත්කම් කිරීමෙන් අනතුරුව රෝගීන්ට වෙනත් ආසාදන සෑදීම හෝ මරණය පවා සිදුවීම බහුලව දක්නට ලැබුණු කරුණක් වුණා.

එමෙන්ම ශල්‍ය වෛද්‍යවරු පවා සමහර අවස්ථා වලදී කර කියා ගත හැකි දෙයක් නොමැතිව ශල්‍යාගාර තුළ අපහසුතාවයට පත්ව තිබෙනවා.

පසුව මෙයට පිළියමක් ලෙස 19 වන ශතවර්ෂයේ මැද භාගය වන විට, ශල්‍යකර්ම වේගයෙන් සිදුකළ යුතු බවට තීරණය කර තිබෙනවා.

A History of Anaesthesia and Surgery in the Nineteenth Century | Your World  Healthcare - Ireland

එයට හේතුව වන්නේ අවදියෙන් සිටි රෝගියාට හැකි තරම් කෙටි කාලයක් තුළ ශල්‍යකර්ම සිදු කිරීමෙන් වේදනාව අඩු කළ හැකි බව ඔවුන් උපකල්පනය කිරීමයි.

නමුත් වේගය පමණක් තිබීම ශල්‍යකර්ම අසාර්ථක වීමට තවත් හේතුවක් වුණා.

ඒ, රෝගියා සුව අතට හැරවීමට අවශ්‍ය තරම් කාලයක්, ප්‍රමාණවත් නිර්වින්දන කාරක හෝ සනීපාරක්ෂක තත්වයන් ගැන සැලකිල්ලක් නොදැක්වීමයි.

මේ හේතුවෙන් සමහර රෝගීන් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යනවාට වඩා තම රෝගී තත්ත්වයෙන් මිය යාමට හෝ සියදිවි නසා ගැනීමට තීරණය කර තිබෙනවා.

එසේ වුවද, රෝග සුව කිරීමේ පිළියමක් ලෙස ශල්‍යකර්ම යොදා ගැනීම වසර දහස් ගණනක් ඈතට අතීතයට දිව යනවා.

ඒ අනුව ශල්‍යකර්ම වල ආරම්භය නව ශිලා යුගය සහ පූර්ව සම්භාව්‍ය යුගය දක්වා අතීතයකට හිමිකම් කියනවා.

ශල්‍යකර්ම ක්‍රියාවලියක පළමු සාක්ෂිය වන්නේ ට්‍රෙෆින් කිරීම හෝ හිසෙහි කුඩා සිදුරක් කැපීමයි.

මෙම ක්‍රියා පටිපාටිය ක්‍රි.පූ. 3000 තරම් ඈත කාලයේ ක්‍රියාත්මක වූ අතර මධ්‍යතන යුගයේ සිට පුනරුද සමය දක්වා පැවත තිබෙනවා.

නමුත් මේ වන විට මෙම සියලු තොරතුරු බිඳ හෙලමින් නව සොයා ගැනීමක් සිදු කිරීමට ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මීට වසර 31,000 කට පෙර ශල්‍යකර්මයකින් වම් පාදය කපා දැමූ තරුණයෙකුගේ අස්ථි කොටස් බෝර්නියෝ ප්‍රදේශයේ ගල් ගුහාවක තිබී සොයාගෙන තිබෙනවා.
(Bo eo / බෝර්නියෝ : ආසියාවේ නැගෙනහිර කලිමන්තන්හි, ලියාං ටෙබෝ හුණුගල් ගුහාව තුළ / The limestone Liang Tebo cave in East Kalimantan in Asia)

The team discovered the skeletal remains within the Liang Tebo limestone cave in East Kalimantan

මෙසේ ශරීරයේ කොටසක් ඉවත් කරමින් ශල්‍යකර්ම කිරීම තරමක් නවීන වෛද්‍ය ක්‍රියාවලියක් ලෙස සැලකෙනවා.

නමුත්, මෙම නව අධ්‍යයනයෙන් පෙනී යන්නේ ගල් යුගයේ සිට මිනිසුන් එවැනි සැත්කම් සිදු කර ඇති බවයි.

ඔවුන් විශ්වාස කරන්නේ මෙම පුද්ගලයා කුඩා කාලයේදීම ශල්‍යකර්මයකින් යටි පාදයේ පහළ කොටසක් කපා දමා ඇති බවයි.

මෙසේ ශරීරයේ කොටසක් කපා ඉවත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

එමෙන්ම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එය සත්ව ප්‍රහාරයක් හෝ වෙනත් අනතුරක ප්‍රතිඵලයක් විය නොහැකි බවයි.

එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ එවැනි ප්‍රහාරයකදී අස්ථි බිඳීම් ඇති වීමයි.

එමෙන්ම මෙම සැත්කමට අදාළ ක්‍රියා පටිපාටිය සිදු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය කරගෙන නොමැත.

Researchers from Griffith University have found the remains of a youngster in Bo eo whose left foot had been surgically amputated 31,000 years ago (artist

නමුත් මෙසේ සැත්කමක් සිදුකිරීමට නම් රුධිරය නතර කිරීම හා ආසාදනය වැලැක්වීම සඳහා, ඔවුන්ට 'අත්පා ව්‍යුහය, මාංශ පේශි සහ රුධිර නාල පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් තිබිය යුතු' බවයි.

මෙයින් ඇඟවෙන්නේ අත් පා කපා දැමීම දඬුවමක් ලෙස සිදු කිරීමට ඉඩ නොමැති බවයි.

මෙම ශල්‍යකර්මය දුර්ලභ සිදුවීමක් ද, එසේත් නැතිනම් අත් පා කැපීම් නිතර සිදු කළා ද යන්න මෙම පරීක්ෂණ කණ්ඩායම තවමත් නොදනී.

එම පුද්ගලයා ශල්‍යකර්මයෙන් දිවි ගලවා ගැනීමට සමත්වී ඇති අතර ගත් අතර ඉන් පසු තවත් අවුරුදු හයක් හෝ නවයක් ජීවත් ව තිබීම පුදුමයට කරුණක් ලෙස පරීක්ෂකයින් සඳහන් කරනවා.

එනම් ඔහු මියගොස් ඇත්තේ ඔහුට වයස අවුරුදු 19 හෝ 20ක් වන විට බව සඳහන්.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ නිවර්තන ආසියාවේ ජීවත්වූ සමහර කණ්ඩායම් නව ශිලා යුගයේ ගොවිතැන් සංක්‍රාන්තියට බොහෝ කලකට පෙර නවීන වෛද්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කර ගෙන ඇති බවයි.

Researchers believe the remains belong to a young individual who had the lower third of their lower leg surgically amputated, probably as a child

මෙතෙක් දන්නා පැරණිතම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ මීට වසර 7,000 කට පමණ පෙර ප්‍රංශයේ නවශිලා යුගයේ ජීවත්වූ ගොවියෙකුටයි.

එහිදී ඔහුගේ වම් නළල ශල්‍යකර්මයෙන් ඉවත් කර අර්ධ වශයෙන් සුව කර තිබෙනවා.

කෙසේ වෙතත්, බටහිර සමාජවල, පර්යේෂකයන්ට අනුව, ශරීරයේ කොටසක් කපා ඉවත් කරන ශල්‍යකර්මයක් වෛද්‍ය සම්මතයක් බවට පත් වී ඇත්තේ පසුගිය වසර 100 තුළ පමණි.

මෙමගින් පෙනී යන්නේ වර්තමානයේ අපි පුළුල් ලෙස සලකන සංකීර්ණ වෛද්‍ය ක්‍රියා පූර්ව කෘෂිකාර්මික යුගයට අයත් ඈත අතීතයේ ඉතා සාමාන්‍ය දේවල් ලෙස සලකා ඇති බවයි.

සමස්තයක් වශයෙන්, මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ආසියාවේ මීට වසර 31,000කට පෙර පැවති ජනාවාස සංස්කෘතිය තුළ උසස් වෛද්‍ය දැනුම සහ කුසලතා භාවිතා කර ඇති බවයි.

එමෙන්ම මොවුන් ශාක ජෛව විවිධත්වයේ ඖෂධීය ගුණ උපයෝගී කර ගත් විෂබීජ නාශක වැනි නව ඖෂධ නිපදවීමට හා ඒවා භාවිතා කිරීමට තරම් බුද්ධියක් තිබූ ජන කොටසක් බවද සඳහන්.

While the reason the amputation remains unclear, the researchers indicate that it was unlikely to be the result of an animal attack or other accident, as they usually cause crushing fractures

ඒ අනුව මෙම සොයා ගැනීමත් සමඟ වෛද්‍ය විද්‍යාවේ දියුණුව පිළිබඳව විශාල ගැටළු මතු වනවා.

එයට හේතුව වන්නේ නවීන වෛද්‍ය ක්‍රම පෘථිවියේ මිනිස් ජනාවාස ආරම්භයේදීද භාවිතා කර තිබීමයි.

එනම් එකළ පැවති රෝග සුව කිරීමේ ක්‍රම හා නව ක්‍රම අතර එකම වෙනස වන්නේ, මේ වන විට තොරතුරු තාක්ෂණය වෛද්‍ය විද්‍යාවට පිවිසීමයි.

ඒ අනුව නවීන තාක්ෂණය දියුණු වීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමේ ක්‍රියා පටිපාටිය පහසු වීමක් සිදුවීම මෙහිදී දක්නට ලැබෙන එකම කැපී පෙනෙන වෙනස්කමයි.

මීට අමතරව පැරණි යුගවල භාවිතා වූ, වර්තමානයේ නව සොයාගැනීම් බවට පත්වූ තවත් බොහෝ දේවල් සොයා ගෙන තිබෙනවා.

එවැනි විශේෂ දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)