09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

මනසින් පාලනය කළ හැකි රෝද පුටුවක් නිපදවයි



රෝද පුටුවක් යනු ඇවිදීමේ අපහසුතා ඇති පුද්ගලයන් සඳහා නිපදවා ඇති රෝද වලින් ක්‍රියාත්මක වන යන්ත්‍රයකි.

අඩු සංචලනය සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන්ට අනුව විශේෂිත ලක්‍ෂණ සහිත විවිධ රෝද පුටු ආකෘති බොහොමයක් නිර්මාණය කර තිබෙනවා.

එහිදී තමන්ට අවශ්‍ය රෝද පුටුව කුමක්ද යන්න තෝරා ගැනෙන්නේ, අදාළ පුද්ගලයාගේ ආබාධිතභාවය අනුවයි.

ඒ අනුව දුරස්ථ පාලකයක් මඟින් හැසිරවීමට හෝ සාමාන්‍ය පරිදි භාවිතා කිරීමට හැකි ලෙස මේවා නිපදවා තිබෙනවා.

My Experience - Buying a New Wheelchair | RiDC

අද අපි Colombo Times තුළින් කතා කරන්නේ රෝද පුටු භාවිතා කරන පුද්ගලයින් පිළිබඳව නොවේ.

අබාධිත පුද්ගලයින් තුළ දහසක් බලාපොරොත්තු ඇති කිරීමට සමත් වූ තමන්ගේ මනස මෙහෙයවා පාලනය කළ හැකි රෝද පුටුවක් ගැනයි.

Austinහි පිහිටි Texas විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් මෙම රෝද පුටුව නිර්මාණය කර තිබෙනවා.

මෙය නිර්මාණය කර ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ 31ක් සවි කර ඇති හිස් වැස්මක් සහ රෝද පුටුවේ සවිකර ඇති laptop පරිගණකය ඇසුරෙනි.

එමෙන්ම මේ සඳහා AI තාක්ෂණය භාවිතා කර ඇති අතර, එමඟින් මොළයෙන් ලබා දෙන සංඥා පරිවර්තනය කරමින් රෝද පුටුවට පාලනය කිරීම සිදු කරනවා.

The brain signals are sent to a laptop attached to the  back of the chair, and artificial intelligence translates the signals into wheel movements

මෙසේ මනස මඟින් පාලනය කළ හැකි රෝද පුටුවක් සම්බන්ධ පරීක්ෂණ වසර ගණනාවක සිට සිදු කර තිබෙනවා.

නමුත් මෙම බොහෝ පරීක්ෂණ අත්හදා බැලීම සඳහා යොදාගෙන තිබුණේ අබාධිත නොවන පුද්ගලයින් බව සඳහන්.

එමෙන්ම ඒ සඳහා භාවිතා කර තිබූ තාක්ෂණයන් වල ප්‍රධාන ගැටළුවක් දක්නට ලැබුණා.

එයට හේතුව එමඟින් මුලිකත්වය දී තිබුණේ පුද්ගලයාට වඩා, රෝද පුටුව නිර්මාණය කිරීමට යොදා ගන්නා උපාංග වෙතයි.

ඒ අනුව පෙර පරීක්ෂණ වලට සාපේක්ෂව මෙහි විශේෂත්වය වන්නේ, අබාධිත පුද්ගලයින් යොදා ගනිමින් මෙහි මූලික අත්හදා බැලීම් සිදු කිරීමයි.

එමෙන්ම මෙහිදී ඉලෙක්ට්‍රෝඩය සවි කර හිස් වැස්ම මගින් මොළයේ සංඥා එකතු කිරීම සහ ඒවා අසල ඇති උපාංගයකට සම්ප්‍රේෂණය කිරීම සඳහා ආක්‍රමණශීලී නොවන ක්‍රමයක් යොදා ගෙන තිබෙනවා.

එසේ සංඥා ලබා දෙන්නේ රෝද පුටුව පිටුපස ඇති laptop පරිගණකය වෙතයි.

A mind-controlled wheelchair proved successful in helping paralyzed patients navigate a cluttered room. The patients are fitted with a cap of 31 electrodes that detect brain signals

ඒ අනුව මෙම අත්හදා බැලීමේ පළමු කොටස වූයේ මෙම රෝද පුටුව භාවිතා කරන ආකාරය පිළිබඳව රෝගීන් පුහුණු කිරීමයි.

එය සිදු කිරීමේදී ඔවුන්ට ලබා දුන් උපදේශය වන්නේ, තමන්ගේ අත් සහ පාද හසුරවන ආකාරය පිළිබඳව සිතින් මවා ගන්නා ලෙසයි.

පසුව එම චලනයන් එල්ල කරන විවිධ දිශා මවා ගන්නා ලෙසද ඔවුන්ට පවසා තිබුණා.

එයට හේතුව මෙම රෝද පුටුවේ අවට පරිසරය පිරික්සන සංවේදක, නිවැරදි සහ ආරක්ෂිත චලනය පහසු කිරීම සහ පරිශීලකයන්ගේ විධානවල අනුව ක්‍රියා කළ හැකි තාක්ෂණයක් ඇතුලත් කර තිබීමයි.

මෙම ක්‍රියාවලිය රොබෝ බුද්ධි මෘදුකාංගයක් යොදා ගනිමින් සිදු කර තිබෙනවා.

To move right, the participants imagined moving both arms. To move left, they imagined moving both legs. The wheelchair otherwise moved forwards

පසුව මේ සඳහා යොදා ගත් අබාධිත පුද්ගලයින් හට පවසා තිබුණේ ඇඳන්, පුටු සහ වෛද්‍ය උපකරණවලින් පිරුණු කාමරයක් තුළ ඇති ස්ථාන 4ක් වෙත මෙම රෝද පුටුව ගෙන යන ලෙසයි.

මේ සිදු කිරීමට එක් එක් පුද්ගලයාට විවිධ කාලයන් ගතවී තිබෙන අතර, එක් ක්‍රියාවක් කිරීම සඳහා ගතවූ සාමාන්‍ය කාලය විනාඩි 5ක් බව පරීක්ෂකයින් පවසනවා.

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසාගේ නිර්මාණශීලි හැකියාවද කෙළවරක් නොමැති පරාසයක් තුළ විහිදී යන අයුරු මේ සිදුවන පරීක්ෂණ වලින් අනාවරණය වනවා.

ඒ අනුව වර්තමාන සමාජයට තමන්ගේ එදිනෙදා වැඩ කිරීමට තොරතුරු තාක්ෂණය අවශ්‍ය වන ආකරණයටම, අනාගතයේදී AI තාක්ෂණය අවශ්‍ය වනු නොඅනුමානයි.

මේ වගේ නව සොයාගැනීම් පිළිබඳව තොරතුරු දැනගැනීමට Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)