28 November 2022
සිංහල | English

මියන්මාරයේ ප්‍රභල භූ කම්පනයක්



මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

 
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. 
 
එය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කර තිබෙනවා. 
 
භූ කම්පනයේ සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
(colombotimes.lk)