29 November 2022
සිංහල | English

ත්‍රිපෝෂ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ සමාගම් දෙකේ වාර්තා ඉදිරි දිනවලදී



ත්‍රිපෝෂ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ සමාගම් දෙකේ වාර්තා ඉදිරි දිනවලදී ලබා ගැනීමට හැකිවනු ඇති බව ත්‍රිපෝෂ සමාගම ප්‍රකාශ කළා. 

 
ඒ අනුව කාර්මික තාක්ෂණ ආයතනයේ සහ රජයේ රසායනික විශ්ලේෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා ගත හැකි බවයි එම සමාගමේ ප්‍රධානී දීප්ති කුලරත්න මහතා කියා සිටියේ. 
 
එම වාර්තා ලැබුණු පසු ත්‍රිපෝෂ ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරන බවයි ඔහු සඳහන් කළේ. 
 
මේ අතර ශ්‍රී ලංකා අදාළ ක්‍රමවේදයට අනුව නිපදවන ත්‍රිපෝෂ පැකට්, සෞඛ්‍ය හා වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාල වෙත අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා පැවසුවේ. 
 
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා භාවිත කරන බඩ ඉරිඟුවල ඇති ඇෆ්ලැටොක්සින් මට්ටම පිළිබඳ වාර්තාවක් ද ඇතුළත් කිරීමට නියමිත බව දීප්ති කුලරත්න මහතා පැවසුවා.
(colombotimes.lk)