01 December 2022
සිංහල | English

දුමින්ද නිසා ගෝඨා ට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්



දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සඳහා පැමිණෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ඒ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළවයි. 
 
මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ද ඇතුළත් කරන ලෙස අධිකරණය නියෝග කළා. 
 
උර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලුණා.
(colombotimes.lk)