28 November 2022
සිංහල | English

කැරට් රසට සිනාසෙන නූපන් ළදරුවන්



කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂී කාල පරාසයක් ලෙස ගර්භණී සමය හැඳින්විය හැකියි.

මවක් වීමට බලාපොරොත්තු සහිතව සතුටෙන්, කැපවීමෙන් මෙන්ම චකිතයකින්ද ගෙවන මෙම කාලය ජීවිතයට තදින්ම බලපානු ලබන කාල වකවානුවක් ලෙස වෛද්‍ය විද්‍යාව පවා පෙන්වා දෙනවා.

පවුලකට අමුත්තකු එකතු වීමට යන බව දැන ගත් විගස නිවෙසහි සිටින සියලු දෙනාගේම සිත පිරී යන්නේ කුතුහලය, ආදරය, නොඉවසිල්ල යන කාරණාවලිනි.

එම කාරණා සමඟ මව වටා සිටින සියලු දෙනාම තමා දන්න කියන අනාවැකි, උපදෙස්, ගුරුහරුකම් සහ වෙනත් කරුණු පැහැදිළි කර දෙන ආකාරය දැකිය හැකිය.

මෙහිදී උපදෙස් ලබාදෙන එක් ප්‍රධාන කරුණක් වන්නේ ගර්භනී සමයේ මව ලබා ගන්නා ආහාරයි.

What to Eat When Pregnant: How to Create Your Pregnancy Diet

පසුගිය දිනක ගර්භනී මව්වරුන් ලබා ගන්නා ආහාර සම්බන්ධයන් ඉතා අපූරු පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ඒ, ඩර්හැම් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින්.

මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ මව්වරුන් සහ ගර්භාෂයේ සිටින ළදරුවන් යොදා ගනිමින්.

සාමාන්‍යයෙන් අපි දිනපතා ආහාරයට ගන්නා සලාද ගැන සිතා බලන්න. ඔබේ හිතට දැනෙන්නේ කුමක්ද ?

සලාදයක් පිළිබඳ අදහස හිතට නැගෙන විට සමහර අයගේ රස අංකුර හිරිවටෙනවා.

නමුත් තවත් සමහරුන්ට, සලාද යනු තමන් අකමැති කෑමකි.

Pregnancy Diet Chart and Meal Plan Trimester by Trimester - MOM News Daily

ඒ අනුව මෙම පරීක්ෂණයේදී මව්වරුන් විසින් අනුභව කරන ලද ආහාරවල රසය මවට දැනෙන ආකාරය අනුව, මවගේ කුස තුළ සිටින නූපන් ළදරුවන් ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යනය කර තිබෙනවා.

එහිදී පරීක්ෂකයින් නිගමනය කර ඇත්තේ ළදරුවන් ගර්භාෂයේ සිටියදීම විවිධ රසයන්ට ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නා බවයි.

මෙම පරීක්ෂණයේ එක් අවස්ථාවක් වන්නේ මව්වරුන්ට කැරට් සහ ගෝවා අනුභව කිරීමට ඉඩ ලබා දීමයි.

එහිදී මව්වරුන් කැරට් අනුභව කර ටික වේලාවකට පසු කලලයන් සිනාසුණු ආකාර සහ ගෝවා අනුභව කළ පසු කලලය සිනහවන ආකාරය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබී තිබෙනවා.

Hatred of green vegetables begins in the WOMB! Babies smile for carrots but  grimace for kale | Daily Mail Online

ඒ අනුව පැහැදිළි වන්නේ මව අනුභව කරන ආහාර වර්ගය සහ මවට රස දැනෙන ආකාරය අනුව, නූපන් දරුවන් කුස තුළදීම ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම ගර්භනී කාන්තාවන් අනුභව කරන දේ උපතින් පසු ඔවුන්ගේ ළදරුවන්ගේ ආහාර රුචිය කෙරෙහි බලපාන බවද පරීක්ෂකයින් පවසනවා.

පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ සෞඛ්ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම සඳහා දරුවන් මවුකුස තුළ සිටියදීම සංඥා ලබාදිය හැකි බවයි.

මවට දැනෙන ආහාර වල රසය දරුවාට දැනෙන්නේ ඇම්නියොටික් තරලය හරහායි.
(ඇම්නියොටික් තරලය : ගර්භණී සමයේදී නූපන් දරුවා (කලලරූපය) වටා ඇති පැහැදිලි, තරමක් කහ පැහැති දියරයකි.)

21 weeks pregnant: Your baby is as big as a carrot! - Times of India

මින් පෙර සිදුකරන ලද පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන ඇත්තේ ගර්භනී මව විසන් ආශ්වාස කිරීම සහ ආහාර ගැනීම හරහා ළදරුවන්ට ගර්භාෂය තුළ රස සහ සුවඳ දැනිය හැකි බවයි.

මෙම පෙර කරන ලද අධ්‍යනයන් සියල්ල සිදු කර ඇත්තේ දරුවන් උපත ලැබීමෙන් අනතුරුවයි.

නමුත් මෙම නව පරීක්ෂණයේ විශේෂත්වය වන්නේ දරු උපතට පෙර රසකාරකවලට දක්වන ප්‍රතික්‍රියා තක්සේරු කිරීමෙන් ළදරුවන්ට ගර්භාෂය තුළ රස දැනිය හැකිද යන්න පරීක්ෂා කිරීමයි.

මෙම නව පරීක්ෂණය සඳහා වයස අවුරුදු 18 ත් 40 ත් අතර පසුවන ගර්භනී මව්වරුන් 100 දෙනෙකු යොදාගෙන තිබෙනවා.

එම ගර්භනී කාන්තාවන් 100 දෙනා ගේ කුස තුළ සිටින දරුවන්ට සති 32 සහ සති 36 සම්පුර්ණ වන විට 4D අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
(4D අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ : කුස තුළ සිටින දරුවාගේ රූපය ප්‍රතිනිර්මාණය කිරීම)

Scientists discover babies in the womb can taste flavours of their mother

සෑම ස්කෑන් පරීක්ෂණයකටම මිනිත්තු 20 කට පෙර කාන්තාවන්ට කැරට් මිලිග්‍රෑම් 400 ක් සහ ගෝවා මිලිග්‍රෑම් 400 ක් ලබා දී තිබුණා.

එමෙන්ම ළදරුවන්ගේ ප්‍රතික්‍රියා වලට බලපාන වෙනත් ආහාර හෝ රසකාරක පානය නොකරන ලෙසද පවසා තිබෙනවා.

පරීක්ෂකයින් පවසන්නේ කලලරූපයේ ප්‍රතික්‍රියාවක් උත්තේජනය කිරීමට කැරට් හෝ ගෝවා රසය කුඩා ප්‍රමාණයක් පමණක් ප්‍රමාණවත් බවයි.

ස්කෑන් කිරීමේදී නූපන් ළදරුවන් ගෝවා හෝ කැරට් රසවලට දක්වන ප්‍රතිචාරය දැකීම සහ එය මවගේ ප්‍රතිචාරයට සමාන වීම පුදුම සහගත බව පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා පවසනවා.

ඒ අනුව නිගමනය කර ඇත්තේ ගර්භනී මව ලබා ගන්නා ආහාර හරහා ඇතිවන රසායනික උත්තේජක වලින් යම් ප්‍රමාණයක් කලලයට සංවේදී වන බවයි.

එමෙන්ම ගර්භනී කාන්තාවන් අනුභව කරන දේ උපතින් පසු ඔවුන්ගේ ළදරුවන්ගේ රස මනාපයන් කෙරෙහි බලපාන බවද පරීක්ෂකයින් පවසනවා.

එහි ප්‍රතිඵලය වන්නේ උපතට නිරාවරණය වන රස අනුව උපතින් පසු දරුවා ආහාර රුචි අරුචිකම් ඇති කර ගන්නා බවයි.

In Baby

මෙහි දෙවෙනි පියවර වන්නේ කලලයන් මෙම රසයන් සඳහා කාලයත් සමඟ අඩු 'සෘණාත්මක' ප්‍රතිචාර දක්වනවාද යන්න පරීක්ෂා කිරීමයි.

එමෙන්ම මෙම පරීක්ෂණයට යොදා ගත් ළදරුවන් උපත ලැබූ මෙම ආහාර මුලින්ම රස බැලූ විට එම රසයන් පිළිගන්නා අකාරය පරික්ෂා කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම පරීක්ෂණයේ තුන්වන පියවර වන්නේ දරු ප්‍රසූතියෙන් පසු ඔවුන්ගේ ආහාර රුචි අරුචිකම් ගැන අධ්‍යනය කිරීමයි.

එමෙන්ම මෙම පරීක්ෂණයේ තවත් පැතිකඩක් වන්නේ මව සහ දරුවා අතර කොතරම් සංවේදී බැඳීමක් තිබෙනවාද යන්න මනාවට පැහැදිළි වීමයි.

මව තුළ ඇති ශක්තිය මවගේ ඇට, මස්, ලේ, නහර, මිදුලු හරහා දරුවාට අනිවාර්යයෙන්ම බලපාන බව මෙයින් හෙළිවනවා.

මීට අමතරව මවගේ සිතුවිලි ධාරාව පදනම් කරගෙන, උපදින දරුවාගේ මානසික ශක්තිය තීරණය වීමද සිදුවනවා.

ඒ අනුව යමින් මෙම පරීක්ෂණයේ ඉදිරි පියවරයන් මෙම ළදරුවන් මෙලොවට බිහිවූ පසු සිදු කිරීමට පරීක්ෂකයින් බලාපොරොත්තු වනවා.

එම ඉදිරි පරීක්ෂණ පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)