01 December 2022
සිංහල | English

චීනයේ බිජිං අගනුවරින් කොවිඩ් ගැන නරක ආරංචියක්



චීනයේ බිජිං අගනුවරින් දිනෙන් දින වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ගණන ඉහළ යන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 

මේ හේතුවෙන් නගර වැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙස එරට රජය නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම රට තුළ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා. 
 
එක් දිනක් තුළ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 28,000 කට අධික වන අතර දෛනිකව සිදුකරන කොවිඩ් පරීක්ෂණ ගණන ඉහළ දැමීමට ද එරට රජය කටයුතු කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. 
 
මෙලෙස දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන, එරට තුළ අප්‍රේල් මාසයේ ව්‍යාප්ත වූ කොවිඩ් රැල්ලට සමාන ලෙස වාර්තා වන බව ද සඳහන්. 
 
මෙම අවදානම්සහගත තත්ත්වයත් සමඟ එරට උද්‍යාන, සාප්පු සංකීර්ණ සහ කෞතුකාගාර, පාසල් සහ වෙනත් පොදු ස්ථාන වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)