09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

ස්වාධීන ලෙස පාර්ලිමේන්තුවේ රැඳී සිටි පක්ෂ 10 ක එකතුවෙන පක්ෂයේ නම හෙළි කරන දවස මෙන්න



ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ රැඳී සිටි පක්ෂ 10ක කණ්ඩායම අගෝස්තු 21 වැනිදා තම සන්ධානයේ නම හෙළි කිරීමට නියමිතයි. 

 
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පස්වරුවේ පක්ෂ කිහිපයක නායකයින් හමුවීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශ කළා. 
 
මේ අතර රට මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ. 
 
තමන්ට නිරීක්ෂණය කළ හැක්කේ බල අරගලයක් පමණක් බවත් අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් සාකච්ඡා කරමින් සිටින බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළා. 
 
රටේ ප්‍රශ්නය විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔවුන් මීට මාස හතරකට පෙර හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු පැවසුවා. 
 
මේ වන විටත් මන්ත්‍රීවරුන් වැඩපිළිවෙලකට එකඟ නොවී අමාත්‍ය ධූර බෙදීමට සාකච්ඡා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල කියා සිටියේ. 
 
මේ අතර පොදු න්‍යාය පත්‍රයකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කිරීම නිෂ්ඵල බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. 
 
ජාතිය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළකට පළමුව පක්ෂ එකඟ විය යුතු බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)