28 November 2022
සිංහල | English

එලිසබෙත් මහ රැජිනගේ මරණ සහතිකය නිකුත් කෙරේ - මිය යාමට හේතුව මෙන්න



බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ මරණ සහතිකය නිකුත් කර තිබෙනවා. 

 
වයෝවෘද්ධ භාවයට පත්වීම හේතුවෙන් සිදු වූ ස්වාභාවික මරණයක් ලෙසයි එම සහතිකයට අනුව දෙවැනි එළිසබත් මහ රැජිණගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ. 
 
පසුගිය සැප්තැම්බර් 08 වන දින සවස 3.10 ට ස්කොට්ලන්තයේ බැල්මෝරාල් (Balmoral) මාලිගයේදී මහ රැජිණිය අවසන් හුස්ම හෙළුවා. 
 
එම තොරතුරු අඩංගු සහතිකයට ඈන් කුමරියට අමතරව මහ රැජින මියගිය ස්කොට්ලන්තයේ බැලේටර් හි බැල්මෝරල් මාලිගය ප්‍රදේශය භාර, ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර් වෛද්‍ය ඩග්ලස් ජේම්ස් ඇලන් ග්ලාස් ද ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයා ලෙස අත්සන් තබා තිබෙනවා. 
 
මෙම ලේඛනයට අනුව හෙළිදරව් වන්නේ එලිසබෙත් මහ රැජින මියගිය බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කිරීමට පැය තුනකට පමණ පෙර ඇය මියගොස් ඇති බවයි. 
 
මෙම ඓතිහාසික ලේඛනයේ රැජින මිය යන විට චාල්ස් රජු සහ ඔහුගේ එකම සහෝදරිය වන ඈන් කුමරිය එතැන සිටි බව හෙළි කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
කෙසේ වෙතත්, වෛද්‍ය විශේෂඥයින් තර්ක කරන්නේ කෙනෙකුට සැබවින්ම මහලු වීම නිසා පමණක් මිය යා නොහැකි බවත් ඒ වෙනුවට, වයස්ගත කෙනෙකු මරණයට පත් කළ හැකි රෝග දෙකක් වන හෘද හෝ වකුගඩු රෝග වලට ගොදුරු වන බවයි ඔවුන් පවසන්නේ. 
 
දෙවැනි එළිසබත් රැජිණගේ සැමියා වන පිලිප් කුමරුගේ මරණ සහතිකයේ ද ඇති මරණයට එකම හේතුව ලෙස දක්වා තිබුණේද වයෝවෘද්ධ භාවය යි. 
 
ස්කොට්ලන්තයේ රෙජිස්ට්‍රාර් ජනරාල් පෝල් ලෝ, රැජිනගේ මරණය 2022 සැප්තැම්බර් 16 වන දින ඇබර්ඩීන්ෂයර් හි ලියාපදිංචි කර ඇති බව තහවුරු කර තිබෙනවා.
 
දෙවැනි එලිසබත් රැජින අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසු වුණා. 
(colombotimes.lk)
Queen Elizabeth, 96, Died of Old Age, Death Certificate Says