27 September 2022
සිංහල | English

මහිෂ් තීක්ෂණට යුද හමුදාවෙන් උසස්වීමක් (PHOTOS)



ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ලෙස බැබළුණු යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ආඥාපති කාර්යාලය වෙත ආරාධනා කර තිබුණා. 

 
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් රටට මෙන්ම යුද හමුදාවටද කීර්තියක් අත්කර දුන් ක්‍රීඩා තරු හමුවීමෙන් අනතුරුව ඔවුන්ගේ ජයග්‍රහණ ඇගයීමට ලක්කළා. 
 
එම ජාත්‍යන්තර ජයග්‍රහණ අතරට 2022 ආසියානු කුසලාන ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්.එම් තීක්ෂණ ද ඇතුළත් වුණා. 
 
එහිදී යුද හමුදා පෞද්ගලික අංශයේ නිලධාරී එම්.එම් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා.
 
අනතුරුව ඔවුන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන්ගේ අනාගතයට සුබ පැතුම් එක් කරමින් සැරයන් එම්.එම් තීක්ෂණ වෙත මූල්‍ය දිරිගැන්වීම් ද ප්‍රදානය කළා.
(colombotimes.lk)