තුර්කියේ ඊයේ (06) හටගත් භූමි කම්පා මාලාවක් හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ වැසියන් 4,300 දෙනකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූමි කම්පා මාලාව හේතුවෙන් තුර්කියේ නගර 10 කට බලපෑම් එල්ල වී තිබෙනවා.
මියගිය සංඛ්‍යාව 4,300 ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් එය 8 ගුණයකින් වැඩි විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.
පළමු භූමි කම්පාව හටගැනීමෙන් පසු අතුරු කම්පන අවම වශයෙන් 130 ක් පමණ ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
(colombotimes.lk)