25 March 2023
සිංහල | English

වසර 1,000 ක් පැරණි දිය අගලකින් හමු වූ අද්භූත අත් සලකුණ



මීට වසර 1,000 කට පෙර ජෙරුසලමේ පැරණි නගරය වට කර තිබූ පුරාණ වියළි දිය අගලක් සොයා ගැනීමට පරීක්ෂකයින් පිරිසක් සමත්වී තිබෙනවා. 

 
එම දිය අගලේ තිබී කැටයම් කරන ලද අද්භූත අත් සලකුණක් අනාවරණය කර ගැනීමට මෙම පරීක්ෂණ කණ්ඩායම සමත්වී ඇති බව සඳහන්. 
 
පුරාවිද්‍යාඥයන් විසින් හෙරොද්ගේ දොරටුව නමින් හැඳින්වෙන ස්ථානය අසල මාර්ගය පුළුල් කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අවස්ථාවේදී මෙය හඳුනාගෙන තිබෙනවා. 
 
මෙම සලකුණ මඟින් දිය අගලෙහි ක්‍රියාකාරිත්වය සිදුවූ අයුරු පැහැදිලි වන බවද එම පරීක්ෂකයින් පිරිස සඳහන් කළා. 
 
ඒ අනුව කුරුස යුද්ධ භටයින් ශුද්ධ නගරය ආක්‍රමණය කිරීම නැවත්වීම සඳහා මෙය ඉදිකර ඇති අතර, එම සිදුවීම සමඟ සම්බන්ධ වන අභිරහස් කැටයමක් ලෙස මෙය හැඳින්වේ. 
 
මෙම දැවැන්ත දිය අගල අඩි 33ක් දිගට සහ අඩි 22ක් ගම්බිරට පැරණි නගරය වටා ඉදිකර තිබෙනවා. 
 
ඊශ්‍රායල පුරාවස්තු අධිකාරියට (IAA) අනුව, 1099 දී කුරුස යුද්ධ භටයන්ට එය තරණය කිරීමට සහ නගරයේ ආරක්ෂක වළලු බිඳ දමමනින් නගරයට ඇතුලත් වීමට සති පහක කාලයක් ගතවී තිබෙනවා. 
 
නමුත් මෙම අත් සංකේතය මඟින් දිය අගලෙහි ක්‍රියාකාරීත්වය පැහැදිලි වූවත් එහි සැබෑ අරුත නිරුපණය නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.
 
Israeli archaeologists are trying to uncover the meaning of a recently discovered hand imprint carved into the stone wall of an ancient moat outside Jerusalem
The moat was discovered during an infrastructure to expand a nearby road. Archaeologists were called in to excavate the area
The hand imprint is the size of a ground adult
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)