27 September 2022
සිංහල | English

එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර



එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

 
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 
 
ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
(colombotimes.lk)