25 March 2023
සිංහල | English

ගුරු විභාගයට උපකාරක පන්ති නොයන ලෙස අධ්‍යාපන ඇමති කියයි (VIDEO)



එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත උපාධිධාරී ගුරු විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වෙන බවට පළ ව තිබූ දැන්වීමක් පිළිබඳ අදහස් පළ කරමින් අධාපන අමාත්‍යවරයා අදහස් පලකළා. 

සරල ගණිත ගැටලුවක් විසඳීම හා සාමාන්‍ය ප්‍රශ්නයකට පිළිතුරු දීම වැනි ක්ෂණික ව සිතා බලා යමක් වටහාගෙන ක්‍රියාත්මක වීමේ නිපුණතා, ගුරුවරුන් ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන උපාධි අපේක්ෂකයන් තුළ පැවතිය යුතු බවත් නිපුණතාවන්ගෙන් හෙබි දරු පරපුරක් නිර්මාණය කළ හැකි වන්නේ ගුරුවරයකු ලෙස බඳවාගැනීමේ පරීක්ෂණයට පෙනී සිටීමට පවා අමතර පන්තිවල සහය පතන පිරිසක් නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. 
 
සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතරින් ගුරුවරුන් ලෙස බැඳීමට අපේක්ෂා කරන අදාළ වයස් සීමාවේ පසු වන අය වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත මෙම තෝරාගැනීමේ විභාගය අසීරු තරග විභාගයක් නොවන බවත් එනිසා අනිසි ලෙස අමතර පන්තිවලට සහභාගී වීමකින් තොර ව අපේක්ෂකයන් නියමිත දිනට විභාග ශාලාවට ගොස් ආත්ම ශක්තියෙන් යුතු ව එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.
(colombotimes.lk)