28 November 2022
සිංහල | English

ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය කාන්තාවකට



සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණා. 

 
ඒ අනුව එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. 
 
ජියෝර්ජියා මොලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. 
 
දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට අභියෝගයක් වීමට උත්සාහ ගත් වාමාංශික දේශපාලන සන්ධානයට හිමි කර ගැනීමට හැකි වූයේ සියයට 22 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
(colombotimes.lk)