28 November 2022
සිංහල | English

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේම ගුවන් යානයක් ගොඩබස්වයි



බෝම්බ බියක් හේතුවෙන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේම ගොඩබැස්සවීමට කටයුතු යොදා තිබෙනවා. 

 
ඒ එහි ගමන් කරමින් සිටි මගියෙකු එක්වරම තම ගමන් බෑගයේ බෝම්බයක් ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් කාර්යමණ්ඩලය ආරක්ෂක පියවරක් ලෙස ගුවන් යානය Changi ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට පියවර ගෙන තිබුණා. 
 
අනතුරුව එරට ආරක්ෂක අංශ විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
කෙසේවෙතත් එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු සතුව බෝම්බයක් තිබී නොමැති බවට පසුව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)