28 November 2022
සිංහල | English

විදුලි කප්පාදුව සිදුකරන නවතම කාලසීමාව ගැන දැනුම්දීමක්



අද (27) දින විදුලි කප්පාදුව පැය 03 ක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. 

 
ඒ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන්.
 
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළා. 
 
කෙසේ වෙතත් හෙට දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 02යි මිනිත්තු 20 ක් දක්වා ගෙන ඒමට කටයුතු යොදන බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)