01 December 2022
සිංහල | English

ජනේලයේ ආලේප කළ හැකි වායු සමන යන්ත්‍රය



එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණික සංවිධානය (WMO) මඟින් නිකුත් කළ නවතම වාර්තාව අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම වැනි බලපෑම් සම්බන්ධයෙන් මෙතෙක් පැවති වාර්තා බිඳවැටී තිබෙනවා.

ඒ අනුව WMO පවසන්නේ මිහිතලය කෙරෙහි මිනිසාගේ බලපෑම පැහැදිලිව ප්‍රකාශයට පත්වීමක් ලෙස මෙම නව තත්ත්වය සැලකිය හැකි බවයි.

දිනපතාම පාහේ දේශගුණික ආපදා පිළිබඳ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට ලෝකයට සිදුව ඇති අතර, විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් මේ හේතුවෙන් හානි වී තිබෙනවා.
Climate Change Global Warming: Where People Are Most Conce ed | Time

නියඟයේ සිට ගංවතුර ආපදා දක්වා මෙවැනි බලපෑම් හේතුවෙන් ආහාර මිල ගණන් ද විශාල ලෙස ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම මේ වාර්තාව මඟින් අනාවරණ කරන්නේ ගත වූ වසර කිහිපය ගෝලීය උෂ්ණත්වය වැඩිම වසර ගණනාව ලෙස ඉතිහාසයට එක්වන බවයි.

ඒ අනුව ලොව පුරා ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ ගොඩනැගිලිවල සවි කරන වායු සමීකරණ සඳහා ඇති ඉල්ලුමද වර්ධනය වෙමින් පවතිනවා.

Air conditioning is threatening our ability to tackle climate change.  Here

අද අපි Colombo Times තුළින් කතා කරන්න සුදානම් වන්නේ මේ වායු සමීකරණ වලට අභියෝගයක් එල්ල කළ නිෂ්පාදනයක් පිළිබඳවයි.

Seoulහි Kyung Hee විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය නිපදවා තිබෙනවා.

ඒ අනුව ඔවුන් විශේෂ අලෙපනයක් ලෙස ගොඩනැගිලි සිසිල් කිරීමේ ද්‍රව්‍යයක් නිකුත් කර ඇති අතර මෙය ජනෙල් කවුළු වල අලේප කළ යුතුයි.

Scientists from Kyung Hee University in Seoul have developed a window coating that lowers the temperature inside buildings, without expending a single watt of energy

පර්යේෂකයන්ට අනුව, මෙම ආලේපනය ක්‍රියාත්මක වීමට කිසිඳු බල ශක්තියක් අවශ්‍ය නොවේ.

සාමාන්‍ය වීදුරු ජනේල වලදී සූර්යයාගේ පාරජම්බුල කිරණ සහ අධෝරක්ත කිරණ ගොඩනැගිලි තුළට ගමන් කළ හැකි අතර එමඟින් ගොඩනැගිලි උණුසුම් වීමක් සිදුවේ.

මෙය වලක්වා ගැනීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ සහ අධෝරක්ත කිරණ අවහිර කළ හැකි ජනෙල් ආලේපනයක් නිපදවීමට කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

This clear window coating could cool buildings without using energy

වායුගෝලය හරහා අභ්‍යවකාශයට ගමන් කරන තරංග ආයාමයකින් ජනේල මතුපිටින් තාපය විහිදුවිය හැකි ආලේපනයක් සෑදීම ද ඔවුන්ගේ මූලික අරමුණ වී තිබුණා.

කෙසේ වෙතත්, මෙම නිර්ණායක එකවර සපුරාලිය හැකි සහ දෘශ්‍ය ආලෝකය සම්ප්‍රේෂණය කළ හැකි ද්‍රව්‍ය සොයා ගැනීම ඔවුන්ට මදක් අසීරු වී තිබෙනවා.

පසුව මේ සඳහා යොදාගෙන ඇත්තේ සිලිකන් ඩයොක්සයිඩ්, සිලිකන් නයිට්‍රයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ් හා ටයිටේනියම් ඩයොක්සයිඩ් යන ද්‍රව්‍යයයි.

මේවා තුනී ස්ථරවලින් සහ විශේෂ පටලයකින් ආවරණය කර තිබෙනවා.

The team

මෙම ස්ථර වල වර්ගය, පිළිවෙල සහ සංයෝජනය ප්‍රශස්ත කිරීම මඟින් මෙය නිපදවා ඇති බව පර්යෙක්ෂකයින් සඳහන් කළා.

ඒ අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ වෙළඳපොලේ ඇති හොඳම තාපය අඩු කිරීමේ වීදුරු සහ TRC වල ක්‍රියාකාරිත්වයට වඩා මෙය ප්‍රභල බවයි.

එමෙන්ම පර්යේෂකයන් අනාවැකි පළ කර ඇත්තේ, දැනට ගොඩනැගිල්ලක් සිසිල් කිරීමට යොදා ගන්නා බලශක්තිය 31%කින් අඩු කිරීමට මෙම ආලේපනය සමත්වන බවයි.

Energy breakthrough as new

තවද මෙය ගොඩනැගිලි වලට පමණක් සීමා නොවන අතර වාහන සිසිල්ව තබා ගැනීම සඳහා මෝටර් රථ සහ ට්‍රක් ජනේල මතද යෙදිය හැකියි.

ඒ අනුව අපට පැහැදිළි වන්නේ මෙය ජංගම වායු සමන ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කළ හැකි බවයි.

එමෙන්ම පරීක්ෂකයින් වැඩිදුරටත් පවසන්නේ මෙවනි බලශක්තිය ඉතිරි කළ හැකි තවත් නිර්මාණ රැසක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි.

එම ඉදිරි නිර්මාණ පිළිබඳව දැනගැනීමට Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)