28 November 2022
සිංහල | English

මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය පනත් කෙටුම්පතක්



මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවයි.

ඡන්ද විමසීමක් පැවැත්වීමේ දී තරග කරනු ලබන අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ මනාප ලබා ගැනීම වෙනුවෙන් අසීමාන්තිකව කරනු ලබන වියදම් පාලනය කිරීම මෙම නව පනතේ අරමුණ බව සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් සහ යෝජනා අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ එකඟතාව හිමිවූ අතර මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ද නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.


මහජන නියෝජිතයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් නීතිගත කිරීම, මැතිවරණ පැමිණිලි කඩිනමින් විසඳීම සඳහා මැතිවරණ විනිශ්චය සභාවක් ඇතිකරලීම ඇතුළු කරුණු 07ක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)