01 December 2022
සිංහල | English

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ



සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. 

එහි පළමු තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. 
 
තරගය දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා. 
 
ඒ අනුව තරගය ආරම්භවන්නේ අද සවස 2:30 ටයි. 
 
දෙරට අතර තරගාවලියට එක්දින තරඟ 03 ක් ඇතුලත්. 
 
ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය පැවැත්වෙන අතර මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනවා.
(colombotimes.lk)
May be an image of ‎1 person and ‎text that says