‘9 වන කණ්ඩුල’ ඇත් පැටවා සම්ප්‍රදායානුකූල මඟුල් බෙර වාදනය මධ්‍යයේ සුභ නැකතින් 2022 නොවැම්බර් 24 දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පින්නවල අලි අනාථාගාරය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් යුතුව පවතින නීතිරීති වලට අනුකූලව නව ඇත් පැටවාගේ භාරකාරත්වය ශ්‍රී ලංකා පාබල හමුදාව ලබාගැනීමට හැකි වී ඇති අතර, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමඟ එක්ව මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට හැකි වුණා.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්තුව ලෙස සංකේතවත් කිරීම සඳහා ලබාගන්නා එම ඇත් පැටවුන් පරිණත අවධියට පත්වූ විට ජාතික සත්වෝද්‍යානය වෙත භාර දීම සිදුකරනු ලබනවා.
ශ්‍රී ලංකා පාබල හමුදා නවතම රෙජිමේන්තු මංගල වස්තුව ලෙස සලකන ‘9 වන කණ්ඩුල’ නම් ඇත් පැටවා මෙරට රාජ පෙළපතේ අභීත රණශූරයෙකු වන දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලයේ සිට පැවත එන කීර්තිමත් සහ පෞරාණික ඇත් පෙළපතකින් පැවත එනවා.
(colombotimes.lk)