25 March 2023
සිංහල | English

ධනිෂ්ක සම්බන්ධව නීතිපතිවරයා දුන් උපදෙස



පසුගිය වසර අග ඕස්ට්‍රේලියාවේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා. 

ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ධනිෂ්කට එම උපදෙසත් අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු දෙයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. 
 
ධනිෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ වන විටත් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
(colombotimes.lk)