28 November 2022
සිංහල | English

ප්‍රවීණත්වයේ, නවීන සර වියමන හෙවත් “සංඛේත” හෙටයි (VIDEO)



ප්‍රවීණත්වයේ, නවීන සර වියමන හෙවත් “සංඛේත” ප්‍රසංගය හෙට සවස 7:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) හීදී පැවැත්වෙනවා. 

 
ඒ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතා සහ නව පරපුරේ ජනප්‍රිය සංගීත ශිල්පී සංඛ දිනේත්ගේ සුසංයෝගයෙන්. 
 
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ “ස” ප්‍රසංගයට පසුව ඔහු එක්වන නවතම සහ ඉතිහාසගත තවත් එක් ප්‍රසංගයක් බවට “සංඛේත” ප්‍රසංගය පත්වනු ඇති බව නොඅනුමානයි. 
 
වික්ටර් රත්නායක මහතා සහ ශිල්පී සංඛ දිනේත්ගේ මෙම සුසංයෝගයෙන් රස වන “සංඛේත” ප්‍රසංගය ශ්‍රී ලාංකේය සංගීත රසකාමීන්ට නවමු අත්දැකීමක් වනු ඇති. 
 
මෙම ප්‍රසංගය සුගත් හෙට්ටිආරච්චිගේ සංගිතයෙන් රසවත් වනවා.
 
එමෙන්ම මෙහි අත්වැල් ගායනා සඳහා Sirasa Voice Teen වැඩසටහනේ Team Sanka හරහා ජනප්‍රියත්වයට පත් වූ තාරුණ්‍යයේ නවක ගායක, ගායිකාවන් එක්වනවා.
 
වියපත් නොවන, නොමියෙන අමරණීය ආදරයක් ඔබේ මගේ හිත් වල අමරණීයව ඇති. ඒ අමරණීය මතක අලුත් කරගන්නට, ආදරණීය සන්ධ්‍යාවේ වින්දනීය සාක්ෂිකරුවෙක් වන්නට ආදරය රැගෙන එදිනට ඔබත් එන්න හෙට BMICH වෙත.
 
මෙම ප්‍රසංගය නැරඹීම සඳහා වන ප්‍රවේශපත් පහත ආකාර හරහා ඔබට වෙන්කරවාගත හැකියි. 
 
For inquiries: 077 570 1383 (Keshini)
 
(colombotimes.lk)