30 September 2022
සිංහල | English

"රියල් අයන් මෑන්" පරික්ෂා කිරීමට සැලසුම්



නව නිපැයුම්කරුවෙකු වන Franky Zapata විසින් නව පියාසර යාත්‍රා පරීක්ෂා කිරීම සඳහා නිර්භීත ස්වේච්ඡා සේවකයන් 25 දෙනෙකු සොයමින් සිටින බව වාර්තා වනවා. 

 
මෙම ප්‍රංශ ජාතිකයා ප්‍රසිද්ධ වන්නේ ජෙට් යානයකින් ක්‍රියාත්මක වන Hoverboard එකක් යොදාගෙන සිදු කරන තරණය කිරීම් සඳහායි. 
 
JetRacer පියාසර මෝටර් රථය ඔහුගේ නවතම නිර්මාණය වන අතර නියමුවා සඳහා ආසනයක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. 
 
එමෙන්ම භූමිතෙල් බලයෙන් ක්‍රියාත්මක වන Micro turbo-jet engines දහයක් යොදාගෙන මෙය ගුවන්ගත කිරීමට සහ සිරස් අතට ගොඩබෑම සිදු කිරීමටද මොහු සැලසුම් සකස් කර තිබෙනවා. 
Powered by five jet engines, the impressive
 
ඒ අනුව අද අපි කතා කරන්නේ JetRacer පියාසර මෝටර් රථයේ නවීන අනුවාදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. 
Taking flight: Frenchman Franky Zapata, who crossed the Channel on a jet-powered hoverboard, is now looking for 25 brave volunteers to test a new craft
 
43 හැවිරිදි Franky Zapata, මාර්ගවල මෙන්ම ගුවනේ ද ගමන් කළ හැකි පියාඹන මෝටර් රථයක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව මින් පෙර නිවේදනය කර තිබුණා. 
 
මේ වන විට ඔහු ජෙට් යානයකින් ක්‍රියාත්මක වන Hoverboard එකකින් පියාසර කරන නව යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ස්වේච්ඡා සේවකයන් 25 දෙනෙකු සොයමින් සිටිනවා. 
 
කෙසේ වෙතත්, JetRacer ඇත්ත වශයෙන්ම ඔහුගේ Hoverboard හි නවීන අනුවාදයකට සමාන වන අතර එහි විශේෂත්වය වන්නේ නියමුවාට ආසනයක් තිබීමයි. 
 
මෙහි රෝද නොමැති නමුත් භූමිතෙල් බලයෙන් ක්‍රියාත්මක වන Micro turbo-jet engines දහයක් භාවිතා කරමින් යානය අඩි 10,000 (මීටර් 3,000) පමණ ඉහළට යැවීමට හැකියාව තිබෙනවා. 
 
එය කාබන් ෆයිබර් සහ Titanium වලින් සාදා ඇති අතර Joysticks දෙකකින් පාලනය වන බව සඳහන්. 
 
එය සෑදීමට වැය වූ මුදල හෝ එය මහජනතාවට ලබා ගත හැක්කේ කවදාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය කර නැහැ. 
 
මෙම යාත්‍රාව ප්‍රයෝග සහ විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 
 
නමුත් කඳුකරයේ සිදු කෙරෙන ගලවාගැනීමේ මෙහෙයුම් වලදී ප්‍රයෝජන ගැනීමට සහ මාර්ග අනතුරු සිදුව ඇති දුෂ්කර ස්ථාන වෙත වෛද්‍යවරුන් රැගෙන යාමද මමඟින් සිදු කිරීමට හැකි බව Zapata පවසනවා. 
Franky Zapata, 43, originally announced plans to create a flying car that could travel on roads as well as in the air
 
ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ : 
 
' මෙය හරියටම ඇලඩින්ගේ මැජික් පලස වගේ.' 'ඒ වගේම තමයි මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 155 (250km/h)ක්. නමුත් තවමත් පැයට සැතපුම් 80 (130km/h) ඉක්මවා ගමන් කර නැහැ.' 'ඒකට හේතුව මම මෙහි උපරිම වේගයෙන් ගමන් කිරීමට ටිකක් බයයි.' යනුවෙන්. 
However, the JetRacer is actually more like a sophisticated version of his hoverboard (pictured) — with the distinct advantage that the pilot has a seat
 
එමෙන්ම මෙසේ තමන් බඳවාගන්නා පුද්ගලයින් 25දෙනාට ප්‍රංශයේ මෙන් Ultralight ගුවන් බලපත්‍රයක් තබා ගැනීමට අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළා. 
 
ඒ අනුව මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට Zapataව ඔහුගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ කර ගැනීමට හැකියි. 
 
2019 දී, නව නිපැයුම්කරුවෙකු වශයෙන් භූමිතෙල් වලින් බලගැන්වෙන පුවරුවකින් English Channel තරණය කළ ඉතිහාසයේ පළමු පුද්ගලයා බවට පත්වන්නේද මොහුයි. 
 
ඔහු එය සිදු කළේ Calaisහි Sangatte වෙරළ තීරයේ සිට Doverහි White Cliffs දෙසට ගමන් කරමින්. 
In 2019, Zapata became the first person in history to cross the English Channel on a kerosene-powered board not much bigger than a tea tray.Mr Zapata also gave a thumbs up to celebrate his achievement at the White Cliffs of Dover
 
ඒ අනුව තත්පර කිහිපයකින් ඔහු අහස හරහා පියාසර කරමින් සිටියේ 'Back to the Future' චිත්‍රපටයේ Michael J. Fox විසින් නිරූපණය කරන ලද Marty McFlyගේ අධි තාක්‍ෂණික අනුවාදයට සමානවයි. 
 
මෙසේ ගමන් කර මිනිත්තු විසි තුනකට පසු යානය Zapata, Kentහි St Margaret's බොක්ක වෙත ගොඩ බැසීම සිදුකළා. 
 
ඔහු මෙම ගමන සඳහා යොදාගත් යානයට අඩි 10,000 ක උන්නතාංශයකට ළඟා විය හැකි බවද සඳහන්. 
 
එය Turbo-jet engines පහකින් බලගන්වා තිබෙනවා. 
There are no wheels but the craft is able to take off and land vertically using ten kerosene-powered micro turbo-jet engines, which allow it to reach an altitude of almost 10,000ft
 
එමෙන්ම ඔහු මෙම ගමනේදී යොදා ගත් ඇඳුම සුපිරි චිත්‍රපටයක් වන Iron Manහි ප්‍රධාන චරිතයෙන් උපුටා ගෙන ඇති බව සඳහන්. 
 
මීට අමතරව ඔහුගේ බෑගයේ භුමිතෙල් ලීටර් 42 ක් තිබී ඇති අතර ගමනේ අඩක් දුර යාමෙන් පසුව ඉන්ධන පිරවීම සිදු කර තිබෙනවා. 
 
Zapata බලාපොරොත්තු වන්නේ ඔහුගේ hoverboard උපාංගය යම් දවසක විප්ලවීය Military Hardware එකක් ලෙස වාණිජ නිෂ්පාදනයට පිවිසෙනු ඇති බවයි. 
As part of his Channel crossing in 2019, Zapata set off towards the White Cliffs of Dover from Sangatte beach, in Calais, in front of a cheering crowd(Pictured) Mr Zapata prepares to touch down at the White Cliffs of Dover after being shadowed by two helicopters during the flight
 
මේ අතර, ඔහුගේ JetRacers, ප්‍රංශයේ නගරවල ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කිරීමට ලෙස අනුමැතිය සහ අවසරය ලබා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතිනවා. 
 
නමුත් Zapata බලාපොරොත්තු වන්නේ මෙම ස්වේච්ඡා සේවකයන්ගේ පරීක්ෂණය ඔහුගේ අදහස වර්ධනය කිරීමට උපකාරී වනු ඇති බවයි. 
 
මේ අනුව අනාගතයේදී JetRacer පියාසර මෝටර් රථයේ නවීන අනුවාදය ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් එක් හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානයි. 
The Flyboard Air wowed crowds at France
 
මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMBO TIMES