29 November 2022
සිංහල | English

මැලේසියානු රැකියා 10,000 ලබාදීම ගැන අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක් (VIDEO)



මැලේසියානු රැකියා දෙන බව පවසා අයදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙනවා. 

 
මැලේසියාවෙන් මෙරටට හිමිව ඇති රැකියා 10,000 සම්බන්ධයෙන් දැනටමත් ජාවාරම්කරුවන් විවිධ සම්බන්ධතාවන් හුවා දක්වමින් අයදුම්පත් සහ තොරතුරු එකතු කිරීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
එලෙස මැලේසියාවේ රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කොපමණ මුදලක් අය කරනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් මැලේසියාවේ මානව සම්පත් ඇමතිවරයාගේ පැමිණීමෙන් පසුව ඒ සියල්ල තීරණය කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 
 
එමෙන්ම මෙරටට ලැබෙන මැලේසියානු රැකියා 10,000 සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයන්ට, මැලේසියානු ජාතිකයින්ට හිමි සියලු කම්කරු වරප්‍රසාද හිමි වන බවත්, මැලේසියාවේ අනුමත අවම වැටුප්ට වඩා වැඩි වැටුපක් හිමිවන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළා.
(colombotimes.lk)