01 December 2022
සිංහල | English

නිදහස් දිනයේදී චිත්‍රපට බලන්න සිනමාහල්වලින් වට්ටමක්



75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 04 දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන ඇතුළු ස්ථාන නොමිලයේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම එදින රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීමටත් ජනාධිපතිවරයා යෝජනා කර තිබුණා.

මෙසේ ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වනවා.
(colombotimes.lk)