30 September 2022
සිංහල | English

Netflix චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමක



ඉන්දියාවේ ප්‍රමුඛතම නළුවෙක් වන Mammootty විසින් Netflix ඔරිජිනල් ‘කඩුගන්නාව ඔරු යාත්‍රා’ චිත්‍රපටයේ රංගනයට එක් වී තිබෙනවා. 

 
එහි රූගත කිරීම් මහනුවර කඩුගන්නාවේදී සිදු කෙරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
‘කඩුගන්නාව ඔරු යාත්‍රා’ යනු MT වාසුදේවන් නායර්ගේ Ninte Ormakku කෙටිකතාව පාදක කරගනිමින් රචනා වූ චිත්‍රපටයක්. 
 
MT විසින් මාධ්‍යවේදියෙකු ලෙස තම රැකියාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට ගොස් සිටියදී ඔහුට කුඩා කාලයේ මුණගැසුණු ගැහැණු ළමයෙකු සෙවීමේදී මතක සටහන් මෙම චිත්‍රපටයට ඇතුලත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
MT විසින්ම නිර්මාණය කරන ලද PK වෙනුගෝපාල් නම් චරිතය Mammootty විසින් රඟපානු ඇති. 
 
මලයාලම් සුපිරි නළු Mammootty සහ අධ්‍යක්ෂ රංජිත් වසර පහක විරාමයකට පසු Netflix හි ඉදිරියට එන මෙම චිත්‍රපටයට එකතු වීම විශේෂත්වයක් වනවා.
(colombotimes.lk)