27 September 2022
සිංහල | English

සෞරග්‍රහ මණ්ඩලයේ "හිඟන්නා" ලස්සන වුන හැටි



ඔබේ කේන්දරයේ හතරවන කොටසින් නිරූපණය වන්නේ පාතාලයයි.

පාතාලය ඇත්තේ පොළව යට වන අතර පොළව යට තිබෙන දේ ලබා ගැනීමට පාතාල වැසියන් සතුටු කළ යුතුයි.

නමුත් යක්ෂයාගෙන් මිනිසාට කිසිම දිනක යහපතක් සිදු නොවන බව අපගේ ජනප්‍රවාද වල සඳහන්.

මිනිසාට රෝග, දුක්, පීඩා සහ උවදුරු පැමිණවීමට මොවුන් අතීතයේ සිටම දක්ෂයක් බවද කියවෙනවා.

මේ සඳහා ග්‍රහයන්ගේ පිහිටීමද බලපාන බව බොහෝ දෙනෙකු පවසන කරුණක්.

ඒ අනුව නව දෙනෙකුගෙන් යුත් ග්‍රහ මණ්ඩලයේ 'අශුභ ග්‍රහයා' වන්නේ සෙනසුරු වන අතර සෙනසුරු මඟින් යක්ෂයා හෙවත් සාතන්ගේ කාර්යය භාරය ඉටු කරනු ලබනවා.

එමෙන්ම සෙනසුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 'හිඟන්නා' ලෙසද හැඳින්වෙනවා.

Astronomers have thought Satu

එහෙත් මෑතක සිට සෙනසුරු ග්‍රහයා පිළිබඳව හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම මතය ඉදිරිපත් වී ඇත්තේ සෙනසුරු ග්‍රහයාගේ පිහිටා ඇති වළලු සම්බන්ධවයි.

අප කවුරුත් දන්නා පරිදි සෙනසුරු ග්‍රහයා වටා වළලු 7ක් පිහිටා තිබෙනවා.

ඒ අනුව මීට වසර මිලියන 160 කට පමණ පෙර පෞරාණික චන්ද්‍රයෙකු ග්‍රහලෝකයට කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වළලු ඇතිවී තිබෙන බව පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙම චන්ද්‍රයා හැඳින්වෙන්නේ Chrysalis යන නමිනි.

ඒ අනුව ඔහු සෙනසුරු ග්‍රහයා වටා ඇති වායු ගෝලයේ තුළ වසර බිලියන කිහිපයක් භ්‍රමණය වී එහි ගැටී කැඩී බිඳී ගොස් තිබෙනවා.

මේ පිළිබඳව ප්‍රථමයෙන් සොයාගෙන ඇත්තේ Massachusetts Institute of Technology (MIT) හි පර්යේෂකයන් විසිනි.

Observations taken by NASA

ඒ අනුව කාලයත් සමඟ සෙනසුරුගේ භ්‍රමණ අක්ෂයේ සිදුවන වෙනස්කම් සිතියම් ගත කරමින් සිදුකළ ගණනය කිරීම් මඟින් මෙය හෙළිදරව් කරගෙන තිබෙනවා.

මෙම චන්ද්‍රයා වරක් සෙනසුරු වටා වෙනත් කක්ෂයක ගමන් කර ඇති නමුත් එය සෙනසුරු වෙත ඉතා ආසන්න වූ විට එය කැබලිවලට කැඩී ගොස් ඇති බව සඳහන්.

මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් වන්නේ සෙනසුරු එහි භ්‍රමණයේදී අංශක 26.7 ක කෝණයකින් නැඹුරු වීම සහ ඒ වටා මුදු වළලු ඇති වීමයි.

ඒ අනුව මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන කතුවරයා වන මහාචාර්ය ජැක් විස්ඩම් සඳහන් කළේ, මෙම චන්ද්‍රයා දිගු කාලයක් අක්‍රියව පැවති අතර හදිසියේම ක්‍රියාකාරී වීම හේතුවෙන් සෙනසුරුට ලංවිම නිසා මෙම ගැටීම සිදුව ඇති බවයි.

2000 ගණන්වල මුල් භාගයේ සිට, තාරකා විද්‍යාඥයින් විශ්වාස කළේ සෙනසුරු නෙප්චූන්ගේ කක්ෂයේ වේගයට සමාන වේගයකින් භ්‍රමණය වන විට සෙනසුරු සෙලවීමට ලක්වන බවයි.

නමුත් 2004 සිට 2017 දක්වා සෙනසුරු ග්‍රහයා වටා පරිභ්‍රමණය වූ නාසා ආයතනයේ Cassini අභ්‍යවකාශ යානය විසින් සිදු කරන ලද නිරීක්ෂණවලින් පෙනී ගියේ එහි විශාලතම චන්ද්‍රයා වන Titan මෙම වෙව්ලීමට වගකිව යුතු බවයි.

එයට හේතුව වන්නේ Titan බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සෙනසුරු ග්‍රහයාගෙන් ඈතට සංක්‍රමණය වීමයි.

එය සිදුවන්නේ වසරකට සෙන්ටිමීටර 11 ක පමණ වේගයකින් වන අතර මේ නිසා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය ග්‍රහලෝකය ඇලවීමට හේතු විය හැකි බවට සැලකෙනවා.

Satu

මෙම නව සොයා ගැනීම සෙනසුරු පිළිබඳව පරීක්ෂණය පැවැත්වූ විද්‍යාඥයින් පවා පුදුම කිරීමට සමත්වූ කරුණක් වනවා.

මෙයින් ඇඟවෙන්නේ සෙනසුරු සහ නෙප්චූන් වරක් එකිනෙකට චලනය වී ඇති නමුත් මේ වන විට එය නතර වී ඇති බවයි.

පසුව පර්යේෂකයන් විසින් සෙනසුරු ග්‍රහයාගේ භ්‍රමණ අක්ෂය කාලයත් සමඟ වෙනස් වන ආකාරය විස්තර කරන ගණිතමය සමීකරණ නැවත පරීක්‍ෂා කර තිබෙනවා.

ඒ අනුව උපකල්පනය කළේ සෙනසුරුගේ අක්ෂයේ නැඹුරුව චන්ද්‍රයෙකු අහිමි වීමෙන් සිදුව ඇති බවයි.

The continuous outward migration of Titan and its effect on the Satu -Neptune resonance meant Satu

මෙම සංසිද්ධි ඇති වීමට නම්, දැනට සෙනසුරුගේ පවතින තුන්වන විශාලතම චන්ද්‍රයා වන Iapetusගේ විශාලත්වය සහ Chrysalisගේ විශාලත්වය සමාන විය යුතයි.

පසුව එය කක්ෂයේ සිටින විට, Chrysalis නෙප්චූන් සමඟ සමාන්තර වන පරිදි සෙනසුරු ග්‍රහයා වෙත ඇදී යාම සිදුවිය යුතු වනවා.

කෙසේ වෙතත්, චන්ද්‍රයා මෙසේ අවුල් සහගත කක්ෂ කලාපයකට ඇතුළු වී ඇත්තේ මීට වසර මිලියන 200ත් 100ත් අතර කාලයකට පෙරයි.

මෙයින් අදහස් කළේ Chrysalis, සෙනසුරුගේ අනෙක් චන්ද්‍රයන් වන Iapetus සහ Titan සමඟ සමීප හමුවීම් ගණනාවකට මුහුණ දී ඇති බවයි.

ඉන් අනතුරුව අවසානයේ වසර මිලියන 160 කට පමණ පෙර Chrysalis සෙනසුරුට ඉතා සමීප වී තිබෙනවා.

පසුව සිදුවූ ඝට්ටනය හේතුවෙන් Chrysalis කැබලිවලට කැඩී ඇති බව සඳහන්.

Pictured: Titan, in ultraviolet and infrared wavelengths, taken by the Cassini spacecraft

මේ හේතුවෙන් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම නැති වූ බැවින් සෙනසුරු සහ නෙප්චූන් අතර පැවති සම්බන්ධය බිඳ වැටී තිබෙනවා.

මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මෙය ඉතා හොඳ සොයා ගැනීමක් වුවත් මින් පෙර අනාවරණය කර ගත් කරුණු මෙන් එය වෙනස් විය හැකි බවයි.

ඒ වගේම සෙනසුරු පමණක් නොව අනෙක් ග්‍රහලෝක නිර්මාණය වී ඇති ආකාරය ගැනද මෙවැනිම අපූරු සොයාගැනීම් සිදුවනවා.

එවැනි විශේෂ දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)