27 September 2022
සිංහල | English

ජනපති යළි දිවයිනට



බ්‍රිතාන්‍යයේ කෙටි සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියා. 

 
ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේ සඳුදා පැවති එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටයි. 
 
සිය සංචාරය අතරතුරදී බකිංහැම් මාලිගයේ පැවති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතා බහක නිරත වුණා. 
 
ඔහු බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමු වී තිබෙනවා. 
 
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයින් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වුණා.
(colombotimes.lk)