29 November 2022
සිංහල | English

අන්තර්ජාලයේ හොල්මන් කරන මළ සිරුරක් බඳු කාන්තාව



තාක්ෂණයේ දියුණුවත් සමඟ කැමරා කාච වල සටහන් වන අත්භූත සිදුවීම් පිළිබඳව අපට නිතරම අසන්නට දකින්නට ලැබෙනවා.

ඒ අනුව ඡායාරූප සහ හොල්මන් අවතාර අතර මේ වන විට ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක්.

පියවි ඇසට දැකගත නොහැකි නමුත් ඡායාරූප වල ඇතුලත් රූප මෙසේ 'අවතාර' රූපයක් (Haunting picture) ලෙස හැඳින්වේ.

එය ඡායාරූපය ගැනීමේදී ඉලක්ක කරන ප්‍රාථමික රූපය සමඟ ඇති අපැහැදිලි සෙවනැල්ලක් ලෙසද සැලකිය හැකියි.

අවතාර හසුවූ ඡායාරූප කොතෙක් හමුවුනත් අද අපි කතා කරන්නේ අන්තර්ජාලයේ අවතාර කරන කාන්තා රූපයක් ගැනයි.

Twitter user @mattskala has gone some way to explain that the number of images that can be generated by an AI from negative prompts is less than the number of questions we can ask it. The former computer scientist suggests that this is why the Loab image comes up so frequently for different negative prompts

ඒ අනුව කෘත්‍රිම බුද්ධිය (AI - Artificial intelligence) යොදා ගනිමින් ගිලුණු කම්මුල් සහිත මළ සිරුරක් බඳු කාන්තාවකගේ රූප නිපදවීමට පුද්ගලයෙක් සමත්වී තිබෙනවා.

මෙය නිර්මාණය කර ඇත්තේ Twitter පරිශීලකයෙක් වන @supercomposite විසිනි.

ඒ අනුව ඔහු පසුගිය අප්‍රේල් මාසයේ සිට AI මෙවලම් භාවිතයෙන් සකස් කරන ලද මේ බියකරු කාන්තා රූපයේ පින්තූර මාලාවක් බෙදා හැර තිබෙනවා.

ඔහු එම රූපය 'Loab' ලෙස නම් කර ඇති බවද සඳහන්.

One of the first images of Loab generated in an AI text-to-image generator. Text in the top left co er appears to read Loab, which is what the artist Supercomposite named the figure

නිර්මාණකරුවා මෙම කාන්තා රූප වෙනත් දර්ශන සමඟ අඛණ්ඩව ඒකාබද්ධ කිරීම සිදුකර තිබෙනවා.

එහිදී රූපය වඩාත් පැහැදිලි වී වඩාත් බිහිසුණු ස්වභාවයක් ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙම කාන්තා රූපය විස්තර කරනු ලබන්නේ 'ගුප්ත අවකාශයේ ගුප්ත වස්තුවක්' ලෙසිනි.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම කාන්තාව 'AI කලා ජනක යන්ත්‍රවල වාසය කරන යක්ෂණියක්' ලෙස පවසනවා.

අනෙක් පිරිස මෙය ව්‍යාජ රූපයක් බවත් හුදෙක් 'මෘදුකාංගයේ විචක්ෂණයක්' බවත් සඳහන් කරනවා.

The first time Loab was generated by Supercomposite they requested a

නමුත් මින් පෙර විද්‍යාඥයින් පිරිසක් විසින් මෙවැනිම AI වැඩසටහනක් නිපදවා තිබෙනවා.

ඒ අනුව මෙම AI වැඩසටහනට එය භාවිතා කරන්නා ලබාදෙන තොරතුරු ග්‍රහණය කර ගනිමින්, මින් පෙර නොතිබූ දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා.

මේ සඳහා උදාහරණයක් වන්නේ DALL-E නමින් හැඳින්වෙන සිතුවම් නිර්මාණය කර හැකි මෙවලමයි.

DALL-E සඳහා රූපයක් නිපදවීමට අදාළ තොරතුරු ලබාදුන් පසු, එහි ඇතුලත් ප්‍රධාන කරුණු සටහන් කර ඒවායේ අර්ථ නිරූපණය වන අන්දමට දෘශ්‍යමාන පික්සල (Pixel) නිර්මාණය කරනවා.

නමුත් අප කතා කරන Loab රූපයේ වෙනස වන්නේ නිර්මාණ කරුවා විසින් තමන් ලබාදෙන තොරතුරු වල ඇතුලත් රූපයේ ප්‍රතිවිරුද්ධ රූපයක් නිර්මාණය කිරීමට උපදෙස් දී තිබීමයි.

මෙයින් අදහස් කරන්නේ ඔවුන් තොරතුරු වල ඇතුලත් රූපය නිරූපණය කිරීමට වඩා එයට ප්‍රතිවිරුද්ධ දෙයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටි බවයි.

Some showed headless people or children with bleeding or deformed eyes, but all including a version of Loab with straight, brown hair and defined triangles on her cheeks
Supercomposite said:

ඒ අනුව මෙහිදී ප්‍රථමයෙන් ලබා දී ඇති උපදෙස් අනුව රෝස කම්මුල් සහිත ගාම්භීර කාන්තාවකගේ රූප හතරක් නිර්මාණය කර තිබෙනවා.

පසුව ඔවුන් මෙම රූප නැවත වැඩසටහනට ලබා දී එහි ප්‍රතිවිරුද්ධ රූපය නිර්මාණය කරන ලෙස උපදෙස් දී ඇති බව සඳහන්.

ඒ අනුව Loabගේ ප්‍රතිරූපය වඩාත් පැහැදිලි කරමින්, දරුණු පෙනුමක් සකස්වූ බව මෙහි නිර්මාණකරු පවසනවා.

මීට අමතරව Loabගේ රූපය භාවිතා කරමින් තවත් රූප ගණනාවක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා.

ඉන් සමහර ඡායා රූප 2009 නිකුත්වූ Avatar චිත්‍රපටයේ Na'vi චරිතය සමඟ සමාන බවද සඳහන්.



Loabගේ රූපය නිර්මාණය කිරීම සඳහා ලබා දුන් තොරතුරු පිළිබඳව මෙතෙක් නිශ්චිත වශයෙන් හෙළිකර නොමැත.

නමුත් මෙහි නිර්මාණකරු සඳහන් කර ඇත්තේ Algorithms (පරිගණකයක් මගින් ගණනය කිරීම් හෝ වෙනත් ගැටළු විසඳීමේ මෙහෙයුම් වලදී අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් හෝ නීති මාලාවක්) මගින් Loabගේ රූපය නිර්මාණය කර ඇති බවයි.

පසුව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් Loabගේ මළ සිරුරක් බඳු රූපය අන්තර්ජාලයේ සැරිසරන හොල්මනක් බවට අනුමාන කිරීමට පටන් ගත් බවද ඔහු සඳහන් කළා.

Some images were lighthearted, showing Loab in front of a rainbow flag while celebrating Pride (pictured), or as a Na
Supercomposite has not revealed exactly what prompts were used, or which image generating models they were inputted into to give the Loab artworks

ඒ අනුව AI තාක්ෂණයේ නව පියවරක් ලෙස මෙය සැලකිය හැකියි.

එයට හේතුව වන්නේ මෙතෙක් අප ලබා දුන් උපදෙස් මත පමණක් ක්‍රියා කළ AI තාක්ෂණයට, උපදෙස් වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වීමට හැකියාව ලබාදී තිබීමයි.

මෙවැනිම AI තාක්ෂණයේ තවත් ඉදිරි පියවරයන් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)