27 September 2022
සිංහල | English

දෛනික ගෑස් ඉල්ලුම ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්



මේ වසරේ දෙසැම්බර් දක්වා නව ගෑස් සිලින්ඩර් දේශීය වෙළෙඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. 

 
ඒ, ලිට්‍රෝ සමාගමේ දැනට ක්‍රියාත්මක විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරට වෙසෙන සිය ඥාතීන් වෙනුවෙන් නව සිලින්ඩර් ඇණවුම් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන්. 
 
රට මුහුණ පා ඇති ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම පසුගිය දා මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්නා. 
 
ඒ අනුව, මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ඩොලර් ගෙවා නව සිලින්ඩර් ඇණවුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ. 
 
එමෙන්ම මේවනවිට ගෑස් සඳහා පැවති දෛනික ඉල්ලුම සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවා. 
 
ජනතාව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඊට හේතු වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
(colombotimes.lk)